විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ,

ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන.

එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට කිරි වේල සොයා ගැනීමට, සහල් කිලෝවක් සහ ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට මෙරට ජනතාව තමන්ගේ රජකාරී පසෙක දමා පාරක් පාරක් ගානේ පෝලිම් වල රස්තියාදු වෙන යුගයක් තමයි උදාවෙලා තියෙන්නේ. ඒ ගැන හැවෝටම ඇත්තේ කලකිරීමක්.

Economic crisis in sri lanka

බිබීසීය දක්වන ආකාරයට මෙරට වාර්ථා අනුව පෙර නොවූවිරූ අන්දමේ ආර්ථික අර්බුදයකට ලංකාව පත්ව සිටිනවා. මෙරට විදේශ සංචිත සිඳීයාම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයනය සීමා කිරීම්වලට ලක්කිරීමට සිදුවෙලා. ඉන්ධනවල මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් වැඩි වීම නිසා කිරිපිටි, හාල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමට සිදුවී ඇති බව බිබීසී හෙලිදරව් කරනවා. මේ හේතුවෙන් ලාංකික ජනයාට දරාගත නොහැකි ජීවන වියදමකට මුහුණ දීමට සිදුවීම කාටත් වැටහෙන කාරණයක්.

එමෙන්ම අසල්වාසී ඉන්දියාව හා පාකිස්තානය වැනි රටවල උද්ධමනය වැඩි වූවත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එය දරාගැනීමට නොහැකි වන්නේ එහි ජනගහණය පෝෂණය කිරීමට තරම් ආර්ථික සංවර්ධනයක් නොමැති නිසා. එනම් ආනයන මත යැපෙන අපේ අහාර ක්‍රමය නිසා.

බිබීසී නිරීක්ෂණයට අනුව මෙරට ජනයාගේ මාසික වැටුප සති දෙකක කාලයක් පමණක් ජීවත් වීමට ප්‍රමානවත්. වසරින් වසර පදනම්වන වාර්ථා අනුව ගිය මාසය වනවිට මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ 21.1% කින් වැඩි වෙලා. කොවිඩ් වසංගතය මත සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ද මෙරට විදෙස් සංචිත අඩු වීමට බලපෑ එක සාධකයක් බව බිබීසිය හෙළිකරනවා.

ආණ්ඩු පක්ෂයේ ඇමති ධුරයක් හොබවන ශෙහාන් සේමසිංහ මහතා බිබීසී පුවත් සේවයට පවසා සිටියේ මේ වසංගත තත්වය හමුවේ පැමිණි ආර්ථික අර්බුදය නිසා ආනයනය සීමා කිරීම්වලට ලක් කිරීමට සිදු වූ බවයි. නමුත් වඟකීම් සහගත රජයක් විඳිහට ඔවුන් එය කළමණාකරණය කරගැනීමට සමත් බව ඔහු පවසනවා.

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියන්නේ, මෙම අර්ථික අහේනිය දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින එකක් කියලා. ඊට හේතුව අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ තිබෙන ප්‍රශ්න කියලා තමයි ඔහු කියන්නේ. කොහොම වුණත් මේ ආර්ථික අර්බුදය නිසා මෙරට මහජනතාව තමන්ගේ අනාගතය පිළිබඳව කිසිඳු විශ්වාසයකින් තොරව ජීවත් වෙන බව සහ තරුණයින් වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව බිබීසීය ලෝකයට කියනවා.

මුල් ලිපිය මෙතනින් කියවන්න : https://www.bbc.com/news/business-59952980

හේෂානි කරුණාරත්න

Social Sharing
ආර්ථික