අලුතින් ගෙන්වූ ගෑස් තොගයකද නිසි ප්‍රමිතිය නෑ!

ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් සාම්පල මෙරටදී පරීක්ෂාවකින් එම ගෑස් ද නිසි ප්‍රමිතියෙන් තොර බවට සොයාගෙන ඇත.

එතිල් මර්කැප්ටන් රසායනික සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම මෙම ගෑස් තොගය ප්‍රමිතියෙන් තොරවීමට හේතුවක් වී ඇත. ගෑස් කාන්දුවකදී විශේෂ ගන්ධයක් එන්නේ මෙම රසායනිකය නිසා ය.

මෙම පරීක්ෂාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අතර එහිදී හෙළිවී ඇත්තේ මෙම ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතියද නිසි ප්‍රමිතයට නැති බවය. එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව අනාවරණය වී ඇත.

ආණ්ඩුව ගෑස් ගැටලුවට නිසි පිළියම් යොදාඇති බව ප්‍රකාශ කළත් දිනෙන් දින එම ප්‍රශ්නය උග්‍රවෙන බව පෙනේ.

Social Sharing

නවතම