විජය ම‌ගේ ලෝකයේ වීරයා – ලක්ෂාන් ඩයස්

Wijaya Kumarathunga

විජය කුමාරතුංගගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි,

විජය මගේ ලෝකයේ විරයාය , ඔහුගේ දේශපාලනයට මා අකර්ශනය වුයේ කුඩා කලේදීමය , මා විජය නැමති නලුවා මතකයට එකතු කර ගනෙන මට අවුරුද්හු 10දී පමනය. එනම් උන්නත් දාහයී මලත් දාහයී  චිත්‍රපටයේ ප්‍රධන නලුවා ලෙසය , අපේ ගෙදර සිටි පික්චර් පිස්සියකවු ලිලි අක්කා ඔහුගේ සේයරු බිත්තියේ අලවා තිබිනි , සංගීතා ද බැලු අතර එයද එකම කාලයේ ආ චිත්‍රපට විය, හිතුවොත් හිතුවාමයී චිත්‍රපටයේ සිට විජයගේ ආකර්ශනීය රඟපැම තවම මතකය.

විජයට75 කී ,

විජය 1982 ජනපතිවරණ සටන කරගහන විට මා 9 පන්තියේ ය. සම්ප්‍රදායික ශ්‍රි ලංකා කාරයන් වූ අපේ පවුලේ උදවිය කොබ්බැකඩුවට ඡන්දයට උදව් කෙරිනි. විජය කොබ්බැකඩුව සටනේ පතාකයෙකු වු අතර ඉලංඟරත්න මහත්තයා සමග ඔහු කොබ්බැකඩුව දිනවීමට රට වටේ ගියේ  චන්ද්‍රීකා හා විජය සහචරයන් හා ලෝලීන් සමගය. හාල් පොතක ආකෘතියක් බෙදුවේ අපි බලයට ආවොත් හාල්පොත් දෙනවා කියමිනි. කොබ්බැකඩුව පැරදිනී. හාල්පොත් නඩුව හා නැක්සලයිට් නඩු විජයට වැටී විජය සිරගත වු අතර ජනතාව අතර විජයට මහත්වු අනුකම්පාවක් හ ප්‍රසාදයක් ද ඔහු වෙනුවෙන් දුක්වීමක්ද ජනප්‍රියතාවක්ද ඇති විනි.

එක් සම්මාන උළෙලක විජයට සම්මාන හිමිවුයේ සිරගතව සිටියදීමය. විජය සිරගත ව සිටි කාමරය ගැන ප්‍රසිද්ධ වේදීකවේ කිවේ ඔසී අබේගුනසේකරය. වොට් 600 හැලජන් බල්බ් කාමරයට යොද තිබු හෙයින් රෑටද දවල්ට මේන් රස්නේ වු බව ඔහු කිවේය.

විජය එලියට එනෙන 83 මුල් කර්තුවේය. දෙවෙනි කාර්තුවේ ජුලී කලබල එන අතර නව සමසමාජයේ (NSSP)  කොමියුනිස්ට පක්ෂය  (CP) හා වෙනත් තහනම් කල වමේ පක්ශවල නායකයන් පොලීසියට භාරවීමට යන්නේ ටික දිනකට පෙර සිරෙන් නිදහස් වූ විජය සමගය.

83 අගවන විට විජය චන්ද්‍රික හා ඉලංඟරත්න සමග මැතිනිය විරසකවීම හෝ කරවීම හේතුකොටගෙන 83 දෙසැම්බර් වන විට විජයගේ පක්ෂ සාමාජකත්වය තහනම් වන තැනට වැඩ කටයුතු සිදුවිනි. මා ඕ ලෙවල් (OL) අවසන් කරන්න 83 දෙසැම්බරයේය මාස 6 නිදහස් කාලයක් දෙහිවල ඥාති නිවසක තනියම ජීවත් වීමට ලැබෙන අවස්ථාවේ ගල්කිස්ස වෙරලේ ඇවිද්ම, ෆ්‍රේසර් ඇවෙනියු  පුස්ථකාලයෙන් දිනකට නවකතා 2ක් කියවීම හා දේශපාලන කටයුතු කියවීම දෛනික චර්යාවන් විය.

විජය 84 ජනවාරී 21 සුගතදාස ස්ටෙඩියමේ අලුත් පක්ශයක් පිහිටුව ගත්තද එතැනට යාමට දැනගෙන සිටියේ වුවද යැමට නොහැකිවිය. January  24 විජය දෙහිවල හන්දියට එන බවට හන්දියේ පෝස්ටර් 2ක් විය. 24 සවස 6 වන විට දෙහිවල හන්දිය එකම හිස් ගොඩකි. විජය දෙහිවල හන්දියේ සිට මැතක දී ගාලු පාරේ අලුතින් ඉදිකල දෙහීවල වෙලඳ පොල අසල ඇතී පාරක කබොක් ගොඩැල්ලක් දක්වා ගියේ කරමතිනි ඔල්වරසන් හඳ මැද ජන ප්‍රසාදය උපරීමයෙන් ලබමිනි.

84 මැයි දිනය ශ්‍රී ලංකා එකට නම් අභාග්‍යසම්පන්න එක කී. ඩර්ලී පාරට (Darly Road) ගිය මට දැක ගත හැකි වුයේ එක බැනරයක් යටින් 20 දෙනකු වත් නැතිව ගමන් කරන්නවු ආසන සංවිධායකයන්ය ,

වැල්ලවත්තේ කිරුල පාරට එනවිට එක්සත් සමාජවාදී පෙරමුනේ රැලිය ආරම්භව තිබිනි, එහි මුලින්ම ගියෙ දිනේශ් ගුණ්වර්ධන මහතාගේ මහජන ඒක්සත් පෙරමුණය, (MEP)  අනතුරුව කෝපය (CP) , ලසසපය  LSSP හා අනතුරුව මහජන පක්ෂ්යයී, SLMP 3ට ඇරඹී පෙලපාලිය සමග ඉදීරීයට යන මට දැක ගත හැකිවුයේ විජය බැලීමට පොරකන අතී විශාල ජනකායක් මග දෙපස රැඳී සිටින බවය, 7.30 ටද මහජන පක්ශයේ රැලිය කැම්බල් පිටියට පැමින තිබුනේ නැත.  වාසු හා බහූ සහිත නසසප, ය (NSSP) මහජන පක්ශයට පසු පසින් අවේ , ලසසපය ඔවුන් එකතුකර ගැනීමට විරුද්ධවු නිසාය.

විජයට යන යන තැන් සෙනග ඉතිරීය. ගල්කිස්සේ ටෙරන්ස් පාර අසල හෝ මොරටුවේ හෝ වෙන ඔනැම තැනක, මා බැලු විජයේ රැස්වීම් එකම ආකෘතියක විය. සෙනග ඉතීරීමද විය. වයි පී , චන්ද්‍රීකා, දේවබන්ඩාර හා ඔසී, විජයගේ කුටප්‍රප්තියට පෙර එන කතිකයන්ය. මොරටුවේ සංවිධයකයන් දෙදෙනකු විය. මුලින්ම  හිටපු ශ්‍රී ලාංකා  සංවිධයක ඩග්ලස් ප්‍රනාන්ඳු ද පසුව මහාචර්‍ය කොල්වින් ගුනරත්නද විය.

විජය කතකථා  කරන්නට වෙන්නේ  නොනවතින ඔල්වරසන් මැද හා අතින් සන් කොට නිහඬ කරවන ජනතාප්‍රසද්ය මධ්‍යයේය්ය , විජයගේ කතාවෙන් පසු රැස්වීම  අවසන් වේ, බන්ඩාරගම හා ගල්කිස්ස රැස්වීම වලට බොම්බ ගැහුවේ මා ඉදීරීපිටය , තුවලකරුවෝ හා මරණකරුවෝ  දේශප්‍රේමි ජනත ව්‍යාපාරයේ ගොදුරු විය, විජයට ජවිපේ (JVP) පෝස්ටර් හරහා පක්කලියා කියා රට හැමතැනම කියවුනේ විජය ඉන්දු-ලංකා ගිවිසුමට සහය දීම නිසාය.

සර්වපාක්ශීක සමුලුවට (APC) විජය ගත්තේ නැත , ඒ ශ්‍රී ලංකා එක විරුද්ධවීම නිසාය , පිලිගත් දේශපාලන පක්ශ සම්මේලනයට (PPC) විජය සහභාගී වු අතර ශ්‍රී ලංකා ඒක අවේ නැත. අජිත් නැමති මොරටුවේ රනවිරුවකු රැගෙන එමට කොටි සංවිධානය හමුවට යන විජයගේ විඩියෝව උනු කැවුම් සේ විකිනෙන්නේ එය චිත්‍රපටයක් වැනි ත්‍රසය දනවන ලෙස හදා තිබු නිසාය, විජය දෙවෙනි වරටද කොටි සංවිධානය හමුවිනි , ඉන්දියාවට ගොස් අනෙක් සටන් කරුවන්ද හමුවිය ,

88 ජනවාරී මාසයේ අවසන් රැලිය තියන්නේ මැතින්නිය ද වේදිකවේ තබා ගනිමිනි , දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ,  ස්වදීන ශිෂ්‍ය සංගමයට සහය දීම, ජනවර්ගීක ප්‍රශ්නයට විසඳුම් සෙවීම, ඔහු කල අපරාධ සේ සලකා 88 පෙබරවාරීයේ ඔහුව මර දමන්නේ දේශප්‍රෙමි ජනතා ව්‍යපාරයෙන් (DJV) හෝ නොවුවද එවකට රජයෙන් වුවද එහී වගකීම මිනිමරු සංස්කෘතියක් බිහිකල ජවීපේ (JVP) භාරගත යුතු බව විජයේ මලගමේදී කොල්වින් (Dr, Colvin R De Siilva)  කිවේ මිලියනකට අධික ජනතාවක් ඉදිරියේය,

1988 පෙබරවාරී 15 දින අල්ලපු ගෙදර ගුවන් විදුලියේ 12. 45 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විජය මරා දමා  ඇති බව කියැවිනි. ඇසුරු සැනින් මා බසයකට ගොඩවී කොළඹ මොචරියට අවේ කෙසේදැයී මා ද නොදනිමි. චිතකයට ගිනි දැල්වෙන තෙක් බොහෝ වරක් විජය බලන්නට මම නැවත නැවතත් අවේය.

මා ඉදීරීයේ සිටි ගැහැනිය විජයගේ චිතකයට පනින්නට ගොස් බේරුනේ ඇගේ සැමිය ඇයව වැරෙන් අල්ලව බදාගත් නිසාය. එසේ වුවා නම් ඇය විජයගේ මරනය නිසා දිවි නසාගත් දෙවෙනි පුද්ගලයා වීමට ඉඩ තිබිනි, බොහෝ දෙනෙකු විජයගේ රඟනයට හා හඬට ආස කල අතර මම ඉනුත් ඔබ්බට ගොස් විජයගේ දේශපාලනයට අදරය කලේමි, ඒ සැන්දවේ රුසියාවේ සිට තකහනියක්ම තම නායකයාට අවසන් ගෞරව දැක්වීමට පැමිනි ඔසී හඬමින් ස්තුති කථාවේදී හැම්ලට් නාටකයේ එන මේ මොනො ලොගය (Monologue) කිවේය.

” කුමරුනි ඔබට සුභ රාත්‍රීයක්”  Goodnight sweet Prince

විශේෂයෙන්ම ලියමි ..

විජෙවීර හෝ ප්‍රභාකරන් තම ජීවිතය අවසන් කළේ තමන් පෙනි සිටි තමන් විසින් දියත් කළ තමන් අවසානේ යම් ජයක් ලබන්නට  අරමුනු කල  සන්නද්ධ අරගලයක් වෙනුවෙනි. එහෙත් ලංකවේ සම්ප්‍රදායික වම තම අවසන් අරගලය කලේ  එලෙස තමන්ට කිසිදු වාසියක් නොලැබෙන තමන් බලයට පත් නොවෙන තමන්ට ජීවිත තර්ජන හෝ ජීවිත නැතීවීම සිදුවෙන අරගලයකටය. විජය එයින් වඩත් ප්‍රචලිත පුද්ගලයාය.  එවැන්නෝ බොහො සිටියහ, ඔවුන්ගේ  මහා දේශපාලන වරද ඉන්දු ලංක ගිවිසුමට පක්ෂ වීම හා බලය බෙදීමට පක්ෂ වීමය. එහීදී ප්‍රථිලාබ ලබන්නේ ඔවුන් නොව  සුලු වාර්ගික ජනතාව බව දනිමින්ම හා එම සුලු වර්ගික ජනතාවට පක්ශ වීම තම දේශපාලන අනාගතයම අවසන් කර ගන්න බව  දනිමින්ම කරන ලද අරගලයකි. නිරායුද සටනකි , සමහර වම්මුන් හා ස්වාධින ශිශ්‍ය සංගමය පසුව අයුධ ගත් බව  සැබැය. ඒ බොහෝ සෙයින් ජීවිත තර්ජනය උත්සන්න වු විටය. එහෙත් විජය  කිසිදා සන්නද්ධ නොවීය.  ඒ නිසාම ඔහු ප්‍රාන පරිත්‍යාගයකු වශයෙන් මා පිලි ගනී. වඩා උතුම් දෙ අනුන් වෙනුවෙන් ජීවිතය පුද කිරීමයී. මිනිමරුවා  අවේ ඒජාප රජයේන්ද ? ජාවිපේ නාඳුන තුවක්කු කරුවගෙන්ද යන්න ට වඩා  තමනගේ  සන්නද්ධ වීම තමන්ගෙ සොයුරු පුරවැසියන් මරා දැමීම  දක්වා යන්නේ නම් ඔවුනට කිසිසේත් සමාව දිය නොහැක.  ප්‍රචන්ඩවීම හෝ සන්නද්ධ වීම මම පිලිකෙව් කරමි. එය විජය ද කලේය, එයින් සමාජයට කිසිවක් නොලැබේ. බොහෝ දේ අහිමීවේ.

ලක්ෂාන්ගේ මුහුණු පොතෙනි.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment