ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියාටත් කොරෝනා

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධව ඉතාමත් අඩු අවධානයකින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද වන මෙලනියා ට්‍රම්ප්ට ද කොරෝනා වෛරයස වැලදී ඇති බවට මේ වන විට තහවුරැ වී තිබේ. ඒ් පිළිබදව ජනාධිපති ට්‍රම්ප් වීසින් මේ බව සඳහන් කරමින් ඒවා තිබූ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ මේ වන විට නිරෝධායනයට යොමු වී සිටින බවයි.

ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවය. එසේ වෛරසයට ලක්වූ 31 හැවිරිදි හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියකි. මෙතෙක් වෛරසය වැළඳුනු බවට තහවුරු වූ ජනාධිපතිවරයාගේ පළමු සමීප සහායකයා ඇය වේ.

තවමත් ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වර්තා වී ඇති රට බවට පත්වී සිටින ඇමරිකාව තුළින් මේ වන විට කොරෝනා අසාදිතයින් 7,494,671 ක් හමුවී තිබේ. ඉන් ඇමරිකානුවන් 212,660 ක් ජීවිතක්ෂයට පත්වී සිටී. මෙම වෛරසයෙන් දැඩිව බැටකන රටක් බවට පත්වී සිටින ඇමරිකාව තුළ තවමත් දිනකට කොරෝනා ආසාදිතයින් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්ත වන අතර දිනකට මිය යන සංඛ්‍යාව දහසකට ආසන්නව පවතී. ඊයේ දිනය තුළ ද ඇමරිකාවෙන් රෝගීන් 47,389 ක් වාර්තා වී ඇති අතර මිය ගිය ප්‍රමාණය 920ක් ලෙස වාර්තා විය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයික් රයන් පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් භාවිතයට ගැනීමේ හැකියාව ලැබෙන විට අවම වශයෙන් ලොවපුරා මිලියන 02ක ජනතාවක් වෛරසයෙන් ජිවිතක්ෂයට පත්විය හැකි බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, අද වන විට (2) සමස්ත මරණ සංඛ්‍යාව 1,027,133 ලෙස වාර්තා විය.

 

 

Social Sharing
නවතම විදෙස්