“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති

“මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න,” පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය. ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම ප්‍රකාශය සමඟ වහාම ක්‍රියාත්මක වූ පිලිපීන ආණ්ඩුවේ නිලධාරීන් ජනාධිපතිවරයා නිවැරදි කරමින් කියා සිටියේ ඔහු “විහිළුවක්” කළ බවය. රෙදිවලින් සකස්කළ මුඛ ආවරණ සාමාන්‍ය පරිදි සෝදාගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් ද පවසති. එහෙත් ඔවුන්ගේ උපදේශය වන්නේ සායන මුඛවැසුම් පාවිච්චියෙන් අනතුරුව ඉවත දමන ලෙසය. මේ අතර ජනාධිපති ඩුටර්ටේ සිය පළමු ප්‍රකාශය යළිත් පෙරට තබමින් පසුගිය ජූලි 24 දා මෙසේ…

Read More

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ  හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට අද (02) සවස  උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට උපහාර පිදීමට පළමුව පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමගද සුහද පිළිසදරක යෙදී පිටව ගියහ. ඉන් අනතුරුව පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම දෙමාපියන්ට උපහාර පුදනු ලැබීය. ඔවුන් දෙදෙනාද පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසදරක යෙදී ජනහමු කිහිපයකට සහභාගි වීම සදහා පිටව ගියහ. මෙම…

Read More

රජයේ යතුරු පැදි ආනයන තහනමින් ලක්ෂ 5 ක් අනාතයි!

රජයේ යතුරු පැදි ආනයන තහනමින් ලක්ෂ 5 ක් අනාතයි!

යතුරු පැදි ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා එම ක්ෂේත්‍රයෙන් සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් ලක්ෂ පහකට  ආසන්න පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි  මධ්‍යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගෙන් සංසදය සඳහන් කරයි. කොරෝනා වසංගතතය ආරම්භයත් සමගම ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමෙන් තොරව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කොට තිබිණි.  ඊට සමගාමීව නව යතුරු පැදි ආනයනය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා එම ක්ෂේත්‍රයෙහි නිරතවන්නන් මාස තුනකට අධික කාලයක සිට දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම සංසදයේ සභාපති නලින් පේමානන්ද…

Read More

අනුරුද්ධ සම්පායෝ හා රටේ නීතිය..

අනුරුද්ධ සම්පායෝ හා රටේ නීතිය

අනුරුද්ධ සම්පායෝය. ඔහු ගැන රටේ බොහෝදෙනෙකු දැන සිටියේ නැත. සරලව කිවහොත් ඔහුව රට්ටුන්ට වැදගත් චරිතයක් ද වුයේ නැත. එහෙත් පහුගිය දිනවල මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සිරකුටි වල අධි සුඛෝපභෝගී ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරන්නට පටන් ගැනීමත් සමග රටේ අවධානය ටිකෙන් ටික මීගමුව බන්ධනාගාරය දෙසට යොමු විය. එවකට මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා වුුයේ අනුරුද්ධ සම්පායෝය. මීගමුව බන්ධනාගාරය තුල විවිධ දුෂණ හා විෂමාචාර ක‍්‍රියා සිදුවන බවට හෙළිවන්නට පටන් ගැනීමත් සමග අනුරුද්ධ සම්පායෝව කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණි. නමුත් පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරිමත් සමග මොහුගේ ඇතුලූ තවත් නිලධාරින් තිදෙනෙකු පළමුව වැඩ තහනමට ලක් කෙරුණි.…

Read More

ශ්‍රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!

ශ්‍රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!

මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින තුනකි. මෙවර ඡන්ද ගනන් කිරීම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා ඇත්තේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට සි.සි.ටි.වී කැමරා පද්ධති සවි කරන ලෙසටය. ප්‍රතිඵල ගණන් කිරීම දිනක් ප්‍රමාද කිරීම නිසා මනාප ප්‍රතිඵල විකෘති කිරීමේ අවදානමක් ඇති බවත් එක් අයෙකුගේ මනාප තවත් අයෙකුගේ මනාප වලට දමා ගණන් කිරීමේ හැකියාව වැනි දුෂිත ක්‍රියා ඇති විය හැකි බැවින් ඒවා උපරිමයෙන් වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගතයුතු…

Read More

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා

අමුඩ සෙල්ලම නිර්මාණාත්මක වීඩියෝවකි. කාලය විනාඩි 5කට අඩුය. මේ කෙටි කාලය තුළ ලාංකික පාලකයා වසර 72ක් තුළ කළ දේශපාලන මගඩිය හා ඒ මගඩියට ඡන්දෙන් ඡන්දෙට පාර කපා දෙන පුරවැසියාගේ ආකල්ප ධුරාවලිය ගීතයක් අනුසාරයෙන් යුත් රංගනයක් මගින් විවරණය කැරෙයි. අමුඩය මෙහි සුවිශේෂී සංකේතයක් වෙයි. මෙරට පුරවැසියා 1948 සිට විටින් විට කොළ සහ නිල් ලෙස මාරු කරමින් එකම අමුඩයක් අඳියි. වීඩියෝවේ තේමාව එම නිරර්ථක ක්‍රියාවලියයි. අමුඩ සෙල්ලමේ නිර්මාතෘ හෙවත් ගීතයේ රචකයා වෛi ජනක මාරපනය. තනු නිර්මාණය හා ගායනය සාදර බණ්ඩාරගෙනි. මධුශාන් නානායක්කාර අධ්‍යක්ෂවරයාය. ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් “අමුඩ සෙල්ලමේ” චරිත නිරූපකයාය.…

Read More