කෘෂි කාර්මික අතිරික්තය තුලින් බිහිවුණු පටු සදාචාරය හා මානසිකත්වය

අවුරුදු 10000 කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පදිංචි වී තම වාසභූමිය කර ගත් හොමෝසේපියන්වරු “මානවයන්” සාමකාමීව එම දීර්ඝ කාලය පුරා ජීවත් වූහ. එසේ සාමකාමීව හා හිතවත්කම් පරිසර හිතවත්ව ජීවත් වීමට ඔවුන්ට හැකි වූ හේතු ගණනාවක් විය.

ඒවා නම්, පුද්ගලික ඉඩම් හිමිකම් නොපැවතීම, රාජ්‍ය ඇති වී නොතිබීම, ධනය සඳහා තරගකාරීත්වයක්ද නොතිබීම.

මෙම වතාවරණය ඇතිවූයේ කෙසේද? එය පටන් ගන්නේ සංවිධානත්මක කෘෂිකර්මය ඇති වීමත්,  පෞද්ගලික දේපල, ඉඩම් අයිතිය පිලිබඳව පුරුදුකම් ඇති වීමත් සමඟය. තමන්ට හිමි ඉඩම් ප්‍රමාණය වැඩිකර ගැනීම මගින් වැඩි අතිරික්තයක් ඇති කර ගැනීමටත්, එම අතිරික්තය යොදාගනිමින් තම ප්‍රමාණය වැඩිකර ගැනීමටත් බලපුළුවන්කාර කම තිබු සමහර අයට හැකි විය.

මෙහිදි බලපුලුවන්කාරකම යනුවෙන් තේරුම් යන්නට පටන් ගත්තේ ප්‍රචන්ඩ ක්‍රියා මගින් ඉඩම් අල්ලා ගෙන ඒවායේ අයිතිය තමන්ට පමණක් බව ඒත්තු යන සේ ක්‍රියා කිරීමට හැකියාව තිබු අය තුළිනි. අතිරික්තය සඳහා තරගය වැඩි වීමත් සමගම ප්‍රචන්ඩකාරි ක්‍රියා වැඩි වන්නේ එක්තරා ආකාරයක කූට හා තියුණු බුද්ධියක් ඇතිවීමත් සමගය.

මෙම කෘෂිකාර්මික අතිරික්තය හා තියුණු බුද්ධිය මගින් ඇති වන්නේ තමන් අවට සිටින මිනිසුන් පාලනය කර තමන්ගේ අවශ්‍යතාව කරගන්නේ කෙසේදැ යි කල්පනාකරන මිනිසුන් ඇතිවුවායින් පසුවය. මුල් කාලීන ස්වදේශකයින් අතර මෙවැනි කල්පනාවක් හෝ බුද්ධියක් ඇති වීමට හේතු තිබුණේ නැත. මන්දයත් ඉහත කී ආකාරයට පුද්ගලික දේපල පිලිබඳ අදහසක් ඔවුන් තුල නොපැවතියා සේම එදිනෙදා ආහාර සොයා ගැනිමේ කාර්‍යයේ නියැලි සිටි ඔවුහු අතිරික්තයක් සඳහා අවදානය යොමු කලේ ද නැත.

කෙසේ වුවත් දඩයම් කරමින් හා ස්වභාවධර්මය තුළින් යැපෙමින් ජීවත් වු ඔවුනට අතිරික්තය නිර්මාණය කර ගැනීමට හැකියාවක් පැවතුනේ නැත. මේ අනුව අතිරික්තයක් ඇතිකර ගැනීමේ හැකියාව නොතිබුණ නිසාම එවැන්නක් ඇතිකර ගැනීමේ ආසාව ද ඇති වීමේ පසුබිමක් ද පැවැතියේ නැත.

අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූයේ කෘෂිකර්මය නිසාමය. මේ නිසා කෘෂිකාර්මික අතිරික්තයක්  ලබාගත හැකි ආකාරයෙන් කරගත හැකි විය. එසේ කරගැනීමේ මැදිහත් වීම තුලින් ඉඩම් තමන් සතුව පවති නම් ඒ මගින් වැඩි අතිරික්තයක් ලබා ගත හැකි බවත්, එසේ කිරීමෙන් තමන් වඩා බලවතුන් බවට පත් වන බවත්, යන කරුණු පළමු වතාවට ‌‌‌ඵෛතිහාසිකව ඉටුකර ගත හැකි සේ ඉස්මතු විය. එසේ ඉටු කර ගැනීමට හැකියාව තිබු දේ කර ගැනීම සඳහා කූට බුද්ධියක් වර්ධනය වීම ඉතිහාසය පුරා දැකගත හැකි. ලංකාවේ වැඩි වශයෙන් ඉඩම් හිමියන් කණ්ඩායමක් ඇති වන්නේ මෙම පසුබිම මතයි. මෙතැන් සිට වැඩි ඉඩම් ප්‍රමාණයක් අයිතිකර ගත් වුන් ලංකාවේ සමාජ පරිණාමය තුල ඓතිහාසික භූමිකාවක් රගපෑමට පටන් ගත් හ. සමස්ථ සමාජය කෙරෙහිම ඔවුන්ගේ එම භූමිකාව බලපවත්වන්නට පටන්ගත් හ. වැඩි ප්‍රමාණයක් ඉඩම් පවත්වා ගැනීමටත් එම ඉඩම් වල කෙරෙන නිශ්පාදනයේ ඵලය තමන් සතුකර ගැනීමත් තුලින් ඇතැම් ක්‍රියාදාම සමාජයේ ඇති සියල්ලන් කෙරෙහි ද බලපෑම් කිරීමට පටන් ගනී.

ලංකාවේ සංස්කෘතියේ පසුගිය අවුරුදු 2000ක කාලය තුල නිර්මානය වූ ප්‍රධාන සාධකය ඉඩම් අයිතිය නිසා සිදුවන සමස්ත ගැටුම් හා සමාජ සාකච්ඡාවන්ය. වැඩි ඉඩම් හිමිකම් තුළින් එ වැනි වැඩි අයිතියක් තිබු අය අතර එක්තරා මානසික තත්වයක් ගා ගති පැවතුම් රටාවක් ඇති විය.

එම රටාව ඔවුන් තුල එක්තරා සමාන අවබෝධ හා ගත් පැවතුම් නිර්මාණය කලේය. එසේ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තුලින් සම්ප්‍රදායන් බිහිවිය. ඒවා ටිකෙන් ටික සමාජ සම්ප්‍රදායන් බට පත්විය.

යම් සම්ප්‍රදායන් සමාජ ගත වූ පසු , එම සමාජය තුල ජීවත් වීමත් සියළුම දෙනා කෙරෙහි බලපැවැත් විය. එයට විරුද්ධ වන්නන් කොන් කිරීමට හා ඔවුන්ට විවිධ හිරිහැර කිරීමේ සම්ප්‍රදායද ඇති විය. මේවා සියල්ල සමාජය තුල සිදු විය  යුතු දේ  ලෙස සැලකීමට ද සමහරු පුරුදු විය. ලංකාව පුරා පවතින මානසික තත්වය ප්‍රධානම හේතුව ඉඩම් පිලිබඳව ඇති වු මානසික තත්වය හා ඒ පිලිබඳව ඇති වූනු පල පුරුදු ගති පැවතුම් හා සිරි විරිත් ය.

වැඩි බලවත් කණ්ඩායම් අතර ඇති වන සම්ප්‍රධායන් හා එසේ එම කන්ඩායමෙන් පිට ජීවත් වන අය අතර විශාල ගැටීම් ඇති කරයි. ප්‍රකාශයට පත් වූ හො නොවු අමනාපකම් රට තුල වර්ධනය වන මානසික තවයේ ඉතාමත් ගැඹුරින් පිහිටුවාලන දෙයක් බට පත් වේ. සමාජයක් ඇතුලත යටපත් වී පවතින විශාල අමනාපකම් වනා හි එම සංස්කෘතිය තුළ පවතින ඉතාමත්ම බල්වත් සාධකයක් වේ. සංස්කෘතික යන්නෙන් අදස් වන්නේ හුදෙක් බාහිරව පවතින දේ පමනක් නොවේ. ඉතා ගැඹුරින් මනසක් තුල පැල පදියන් වූ විවිධ හැගීම් සංස්කෘතියේ ඉතාම ප්‍රභල කොටසකි සමහර එවැනි ගැඹුරු හැගීම් සාධනීය එවා විය හැකිය. එය සාදනීය වන්නේ එකිනෙකා සමඟ ඉතා කිට්ටුවෙන් වැඩකටයුතු කිරීමට ඇති ආසාව වර්ධනය කරවන හැගීමය. එවා සහයෝගීතාවේ සංස්කෘතික පදනම් වේ. සමාජයක් ගැඹුරෙහි පවතින අමනාපකම් වනහාහි එම සමාජයෙ සහයෝගිතාව ඇති කිරීමට බාදාපමුණුවන්නක් වේ. කෙටියෙන් එයින් කියවෙන්නේ සහයෝගිතාව යනුවෙන් ප්‍රකාශයට පත් කරන දේ ඇත්තෙන්ම බොරුවක්  ගැඹුරු යැයි මානසික යැයි සමාජය තුල කිදා බැස පැවතීම තුලිනි. සමාජ ස්ථරයන් අතර ඇති වන මෙම ගැටලු හා අවිශ්වාසයන් ක්‍රමයෙන් එක් එක් සමාජ කොටස් තුළ ගැඹුරු අවිශ්වාසයන් හා බේදභින්න භාවයන් අවිශ්වාසයන් ඇති කරයි. මේ අනුව සමාජයේ ස්ථරයන්න් අතර පමණක් නොව ජීවත් වන සියලු දෙන්නා අතරමත් ගැඹුරින්ම මුල් බැස ඇති සාදකයක් බවට පත්වන්නේ අවිශ්වාසයයි. සමාජය යම් ප්‍රමාණයක හිත්වත්කමකින් යුතුව එකට බැදි සීය හැකි තැනක්ම යන අදහස සිත් අභ්‍යන්තරය තුලින් යටපත් වන තරමට එම ස්මාජය තුල සහයෝගි තාවයේ සම්ප්‍රදායන් ඇති කල නොහැකිවේ.

මෙහි ප්‍රතිඵලය වන්නේ සමාජයේ කොටසක් තුලම ඉතා පටු මානසික තත්වයන් ඇති වීමය. ඊට වැඩි මානසික තත්වයක් ඇති කර ගැනීමට තරම් සමාජය තුල කැමැත්තක් පවතින්නේ නැත. සාමුහිකත්වය යනුවෙන් කරණු ලබන්නේ රගපෑම් පමනය. ගැඹුරින් බෙදි ගිය මානසික තත්වයක් ඇති සමාජයක ලක්ශනය නම් ස්මාජයේ සිදුවන් සියලුම ක්‍රියාවන් මෙන්ම හුදු රගපෑම් බවට පත් වීමය. එක අතකින් හිතවත් කමේ රගපෑම ඇතිකරනු ලබයි. එහෙත් සැබෑ හිතවත් කමක් ඇත්තේ නැත. අනිත් අතින් එකම සමාජයක් ගැන හා අපේ කමක් ගැන බාහිරව කථා කරනු ලබයි. මෙයද රගපෑමක් පමණක් මිස ඊට වැඩි දෙයක් එහි ඇත්තෙ නැත.

මෙසේ වර්ධනය වන් රගපෑමෙ සංස්කෘතිය සෑම අස්සක් මුල්ලක් පාස්සම් සුලු කාලයකදි පැතිර යයි. එසෙ වර්ධනය වන් රගපෑමේ සංස්කෘතිය තුලින් නිර්මානය වන සමාජ සංස්ථාවන් හා දේශපාලන සංස්ථාවන් තුලද ඇති වන්නේ එම රගපැමේ සංස්කෘතියයි. සමාජයේ මෙම රගපෑමේ සංකෘතිය දුනා ගනි. ඒ අනුව යමින් බාහිර වශෙන් එම රගපෑම මේ කොටස් කරැවන් බවට ද පත්වේ. පවතින ස්මාජය පිළිබද විවෙචනය යෙදෙන්නා පවා මෙම සංස්කෘතියට යටත්වෙනවා ඇර වෙනත් විකල්ප නැත යන මානසික තත්වය තුල ක්‍රියා කරයි.

මේ අනුව අද ලංකාවේ පවතින ගැටලුව මෙසේ සාරංශ කල හැකිය. ලක්ෂයකට වැඩි අවුරුදු ගනනක්  තුල සාමකාමි හා එකිනෙකා පිළිබඳ විශ්වාස්යෙන්, පරිසරය පිළිබඳ ආදරයෙන් පැවති පුද්ගලික දේපල පිලිබඳව ප්‍රශ්නය ප්‍රධාන ගැටලුවක්ව නොපැවති සමාජයක් ලංකාව තුල නිර්මානය විය. එසේ නිර්මාණය වූ සමාජය තුල අවබෝධය, ගති පැවතුම් රටාවන්, සදාරචාර පද්දතීන් ආදිය සියලුම ශ්‍රී ලාංකියයන්ගේ හදවතේහි හා මොලයෙහි ගැබුරින් සටහන් වී ඇත.

ඊට හාත් පසින් වෙනස් මෑත කාලයේ යැයි හැදින්විය හැකි අවුරුදු 2000ක කාලයක් තුල කෘෂි කාර්මික අතිරිකත්යක් හා ඉඩම් හිමිකම තුලින් ඇති වූ සමාජ විපර්යාසයක් හා ඒ විපර්යාසය තුලින් ඇති වූ සමාජ ගැඹුරු බෙදීමක් සමාජ ගත වී පවතිනවා පමනක් නොව සියලුම දෙනාගේ මනෝගතවද පවති. මෙම දෙබඩි අත්දැකීම් අවබෝධකර ගැනීමකින් තොරව ලංකාව දැන් මුහුන දී ඇති සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු පිලිබඳව අවබෝධයක් ඇති කර ගත නොහැක.

බැසිල් ප්‍රනාන්දු

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment