පාසල් ගුරුවරු ගැන ජාතික පුවත්පතක පල වු ලිපියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිට ලිපියක්!

අයිතීන්  දිනා ගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටින මොහොතක රජයට අයත් ජාතික පුවත්පතක් ගුරුවරුන් පිළිබදව   අසත්‍ය පුවත් වාර්තා කිරීම ගුරු අරගලය සම්බන්ධයෙන්  වෛරී හැඟීමක් ඇති කරවන්නක් බව ගුරු සංගම් නායකයෝ  ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම වෙත අගෝස්තු 30 වැනි සදුදා ලිපියක් යොමු කරමින් ගුරු සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ සිළුමිණ පුවත්පතේ   අගොස්තු 29 වැනි ඉරිදා කලාපයේ මුල් පිටුවේ ‘‘ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන්  පදනම් විරහිත අසත්‍ය පුවතක් පළ වී ඇති බවයි. “කෝවිඩ්  රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල්…

Read More

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.

කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි. අධ්‍යාපන මිලටරිකරණය හා පෞද්ගලිකරණයට පාර සකසන කොතලාවල පනත අහෝසි කිරීම, වසර විසි හතරක් පුරා නොවිසිදුනු ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබා ගැනීමට  ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා  පාසල්වල ගුරු- විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි. ගුරු වෘත්තීය සංගම් පවසන්නේ රටේ විවිධ…

Read More