සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත ! - ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක්…

Read More