පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් දෙමළ සමාජය තුළ ඇති වී තිබුණු අතර යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් මේ සම්බන්ධයෙන් සිය විරෝධය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබුණි. ඔවුන්ගේ විරෝධය අඛණ්ඩ උපවාසයක් දක්වා වර්ධනය වී තිබුණු අතර ආණ්ඩුවේ පොලීසිය භාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එකී ස්මාරකය ඩෝසර් කිරීම සාධාරණය කරමින් ට්විටර් පණිවිඩයක්ද මුදා හැර තිබුණි. යාපනය විශ්ව විද්‍යාලයත් රටේ නීතියට…
Read MoreTag: remembering mullivaikal
මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් 8 සිකුරාදා රාත්‍රි යාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව දෙස් විදෙස් විරෝධය ගලා එද්දී ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ අද දින පැවැත්වෙන සාමකාමී විරෝධයට එක්වන ලෙසයි. “ස්මරණය සහ මළවුන්ට ගරු කිරීම සම්බන්ධයෙන් දක්වන අසංවේදී භාවයට එරෙහිව උතුරු නැගෙනහිර කැඳවා ඇති හර්තාලයට සහෝදර දෙමළ ජනතාව සමග අත්වැල් බැඳගෙන පූර්ණ සහාය දක්වන…
Read More