අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

Asad Sali Rear Admiral Sarath Weerasekara Asath sali arrest

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි. එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්…

Read More

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

Kamal Gunaratne Religious extremists in sri lanka

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බවය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකි බවය. එසේම සාධාරණීකරණය…

Read More

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

Arrest azath salley and produce him in court National Freedom Front

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මුසාම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරු ඊයේ (13) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු…

Read More

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

Extremist statements Asad Sali Rear Admiral Sarath Weerasekara

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ෂරියා නීතීය අනුව ඔහු කටයුතු කරනවානම් ඔහුට ලංකාවේ සිටිය නොහැකි බවත් එසේනම් ඔහු සවුදි අරාබියට යා යුතුව ඇතැයිද ලංකාවේ සිටිනවානම් හැමෝම ලංකාවේ නීතිය අනුව කටයුතු කළ යුතු බවද ඔහු පවසයි. හැමෝම ලංකාවේ නීතියට ගරු කරන විට ඔහු පමණක් ෂරියා නීතිය ගැන කථා නොකළ යුතු බවත් ඒ නිසා ඔහුගෙන් මේ පිලිබඳ විමසා අවශ්‍ය නීතිමය කටයුතු කරන බවද…

Read More