මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!

march 12

වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි. පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ වීම ගැන සිය ස්ථාවරය සඳහන් කරමින් මාර්තු 12 ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙකී නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. ලොව විවිධ පෙදෙස්හි වෙසෙන දුසැරියට හා සොරකමට එරෙහි වෘත්තිකයන් මෑත කාලීනව හෙළිකොට ඇති අප රටින් එපිට එනම් අක්වෙරල සමාගම් හා…

Read More

රාජපක්ෂවරු “පැන්ඩෝරා ලේඛන” වලට

Pandora Papers Nirupama Rajapaksa Thirukkumaran Nadesan

ජනපති, අගමැති ඥාති දියණි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ  රැස්කළ ධන සම්භාරයක් යොදාගත් බව ලෝකයේ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ නාමය මෙසේ ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝකයේ බලවතුන් හා පෝසතුන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු රැගත් ලිපිගොනු කන්දරාවක් විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් අනාවරණය කරගත් තොරතුරු නිසාය. පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) යනුවෙන් හැඳින්වෙන එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න ලියවිලි ගොන්නේ දත්ත සමුදාය ලබාගෙන ඇත්තේ වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නමින්…

Read More