(අ)සංස්කෘතික ලංකාවේ ඛේදවාචකයන්ගෙන් කෙළවර වන ඩේටින් සයිට් සංස්කෘතිය : 15 හැවිරිදි දැරිය අපයෝජනය

Dating websites child abuse in sri lanka

-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්‍රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට යම් ආකාරයකට අඩු වීමක් දක්නට ලැබුණද, පසුගිය සති කිහිපයේ මාධ්‍යයේ ඉහළම අවධානයක් දිනා ගත් ප්‍රවෘත්තිය මේ සිදුවීමයි. ඉතා කෙටි කාලයක් තුළදී පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඒ සමගම මේ සිදු වීමට විවිධ පුද්ගලයන්ගේ නම් සම්බන්ධ කොට දූෂමාන ආරංචි රැසක්ද සමාජය පුරා පැතිරවීමටද ඇතැමුන් කටයුතු කරමින් තිබේ. ඒවා දේශපාලන කොන්ත්‍රාත්තු මෙන්ම පරීක්ෂණ නොමග…

Read More