පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

president gotabaya rajapaksa current political situation

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත. එමෙන්ම ඔහු බොහෝ තීන්දු, තීරණ රටට දැනුම් දෙන්නේද මේ බිම් මට්ටමේ පවතින වැඩසටහන් වලදීය. ඒ් අතර ගම සමඟ පිලිසදරක් විශේෂ තැනක් ගන්නේය. ජනාධිපතිවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට ඊයේ (14) එක් විය. එහිදී ඔහු කථා කළේ පහුගියදා විපක්ෂයේ…

Read More

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

The problem with the Eastern Container Terminal

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල නැගෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුල අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි. සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල කණ්ඩායම් තමන් අපේක්ෂා…

Read More

ජනාධිපතිගේ “අපි ණය උගුලක අහු වෙලා නෑ” කියලා කියපු වචනේ අපට විශ්වාසයි – බද්දේගම සමිත හිමි

Baddegama Samitha Thero MCC

අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ? මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පිරිස් රැස් කිරීම සුබදායක නොවන නමුත් විරෝධතාවයක් නොදක්වා සිටීම අපගේ හෘද සාක්ෂියට එකඟ නොවන නිසා තනියෙන් හෝ සංකේතාත්මකව විරෝධය පෑ යුතුයි කියලා මම විශ්වාස කළා. ඒ වගේම රජයේ පාර්ශවයේ පාර්ශවකරුවෙකු වුනත් අපේ අරමුණ වෙන්නේ අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ ජනතාවගේ නිදහස, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. එතකොට මේ ඇමරිකන් විදේශ ඇමැතිවරයා නැතිනම් රාජ්‍ය…

Read More