ලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්ස මෙලෙස යාම විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියි.…

Read More