ගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර

anura kumara dissanayake gotabaya rajapaksa

ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…

Read More

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.

MP Delewatta reveals who set the trap for the sale of the Eastern Port

ජාතික සම්පත් විකුණන්නේ නැති බවට බලයට පත් වූ ආණ්ඩුව මේ රටේ ඉංජිනේරුවන් වරාය සංවර්ධනය කරන්න ඉල්ලා සිටින අවස්ථාවක එය නොතකා  විදේශයකට ලබා දීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත මහතා පවසයි. ඉන්දියාව සමඟ එක් වී අපට ගණුදෙනු කිරීමට හැකිනම් එය වඩාත් සුදුසු බව තමන් විශ්වාස කර සිටින බවත් නමුත් ඔහු පෙන්වා දෙන්නේ 2003 දි ඉන්දියාව සමඟ ඇති කරගත් IOC ගිවිසුම මඟින් අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 න් 14 ක් පමණක් පාවිච්චියට ගත හැකිව තිබෙන  බවය. එය සැලකිල්ලට ගැනීමේදී නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදී සිටිම වඩාත්…

Read More