සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලට පැමිණීම වළක්වා ගැනීමේ අරමුණින් අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාල වලට විමධ්‍යගත කර ඇති බවයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ. මෙසේ දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන EPF ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී…
Read MoreTag: labour ministry sri lanka
බේරුම්කරණ පරීක්ෂණ මාස 03 ක් තුල අවසන් කළ යුතුයි! – කම්කරු ඇමති කියයි.
කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරීක්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේම මින් ඉදිරියට එම බේරුම්කරණ පරීක්ෂණ කොළඹට කැඳවීම වෙනුවට ඒ පාර්ශවයන්ට පහසු ප්‍රදේශවල කම්කරු කාර්යාලවල පැවැත්විය යුතු බව ද ඇමතිවරයා අවධාරණය කළේය. කම්කරු ආරාවුල් බේරුම්කරණය සඳහා පත් කළ නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා ඊයේ (12) කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.…
Read More