කොයි විදිහේ මර්ධනයකට වුවත් සූදානම් වුනත් – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

medical-faculty-student-action-committee

කොතලාවල පනත සංශෝධන සහිතව පැමිණියත් කිසිසේත්ම එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පවසයි. මේ පනතට එරෙහිව නැඟී සිටින එකෙකු දෙදෙනෙක් නොව දහසක් අත්අඩංගුවට ගත්තද,මර්ධනය කෙබඳු වූවද” සිය අරගලය අත්නොහරින බවත් ඒ වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයක් සමඟ එක්වීමට සූදානම් බවත් ඔහු කියා සිටියි. පනත සඳහා ඡන්ද විමසීම කල් දැමුවද තමන් සිය අරගලය කිසිසේත්ම දුර්වල වීමට ඉඩ නොතබන බවත් එම කාලය තුල අරගලය වඩාත් තීව්‍ර කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙම පනතට එරෙහිව කොළඹදී සිදු කළ පාගමන අවස්ථාවේදීය .මෙහිදි අදහස්…

Read More

කොතලාවල පනත ගැන මා හිතන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

කොතලාවල පනත ගැන මා හිතන හැටි

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා. ඉගෙනගත්ත පළියට බුද්ධිමතුන් බිහිවෙනවා නම් ලංකාව මේ වගේ අපායක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මට නම් අධ්‍යාපනය කියන්නෙ ඔය ඉස්කෝලවලයි, විශ්වවිද්‍යාලවලයි කරන විකාර නෙමෙයි. අපි පොඩි කාලෙ මේ වගේ…

Read More