161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik

Read More

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM

Impact on journalists Right to Information sri lanka

යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂීල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරීම ගැන මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී සජීව විජේවීර මහතා විසිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට එම මාධ්‍යවේදියාට බලපෑම් එල්ල වෙමින් ඇත. මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය…

Read More

“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      

Ramzi Razik jihad Iccpr human rights in sri lanka

මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා  මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන සංස්ථාවන් සහ ආගමික සංස්ථාවන් යන දෙක තමයි විවේචනය කළේ. ඒ මොකද ඒ තීරු දෙක තමයි සමාජයට තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේශපාලන සංස්ථාවට සහ පූජක සංස්ථාවට මම කෙලින්ම මගේ පෝස්ට් තුළින් අභියෝග කරලා තියෙනවා. මේ නිසාම මා ගැන කලින්ම සමාජය තුළ යම් මතයක් තිබුණා සම්මතයට මම පහර ගහන කෙනෙක් හැටියට. ඇත්ත වශයෙන්ම මාව අත්තඩංගුවට…

Read More

අයි. සී. සී. පී. ආර් ලංකාවේ භාවිතයක් නෙවෙයි වෙන්නේ අවභාවිතයක්!

dr visakesa chandrasekaram ICCPR Act

සිනමාවේදී නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම් අෆ්නාෆ් ජසීෆ් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන් මේ වෙනකොට මාස 8කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුව අත්තඩංගුවට පත් වෙන්නේ කවි ලිවීමේ වරදට. අපි නිර්මාණකරුවෝ හැටියට හැමදාම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම. එයට බාධක දැම්මොත් සීමා දැම්මොත් අස්සධාරණ විදිහට අපිව යටපත් කරොත් අපිට නිර්මාණ කරන්න හම්බෙන්නෙ නෑ. මම හැමදාම කියන උදාහරණයක් තමයි සීගිරි බිතු සිතුවම් ඇඳපු චිත්‍රකරුවාට අප්සරාවන් අඳින්න පුළුවන් වුණෙත් මෑත කාලීනව අපේ සිනමාකරුවන්ට සිනමා සම්මාන ලබන්න පුලුවන් වුණෙත් උදාහරණයක් විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ සිනමාකරුවෙකුට ඉන්දියාවේ රජිත මයුර සම්මානය ලබන්න පුළුවන් වුණෙත් මේ නිදහස් අදහස්…

Read More

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  

Iccpr shakthika sathkumara

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත. කලා හා සාහිත්‍ය කෘතින්, ලේඛක ලේඛිකාවන් මෙන්ම නිදහස් මතධාරින් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විට නිසි අධ්‍යයනයකින් කටයුතු කළ යුතු බවත් එසේ නොකර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම දිගින් දිගටම මේ වන විටත් සිදු වෙමින් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී හා ලේකම් ලසන්ත ද සිල්වා…

Read More

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

Shakthika Sathkumara international covenant on civil and political rights act sri lanka

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම එයට හේතුවයි. ශක්තික සත්කුමාර ලේඛකයෙකි. වර්ෂ 2010 සහ 2014 විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි යෞවන සම්මානය දින ගත්තේද මේ ශක්තික සත්කුමාරයි. ඒ ආකාරයේ විවිධ සම්මානයන්ට පාත්‍ර වූ කෙටිකතා කරුවකු වන ශක්තිකට කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන දින 126ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වීමටත් දිග්ගැස්සුනු නඩුවකට සම්බන්ධ වීමටත් සිදු…

Read More