කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?

Burial of Covid infected corpses Sri Lankan government

කොරෝනා වෛරසය  ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ  මෘතදේහ  භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…

Read More

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

“Attempt to destroy evidence” of Mahara massacre

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ  සිය  පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…

Read More