ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM

Restrictions on the right to freedom of expression

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිත බවද පසුගිය දා ප්‍රකාශ විය. 2020 නොවැම්බර් මාසයේ දී සමාජ ජාල ඔස්සේ අදහස් පළකිරීම, අදහස් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් උතුරු…

Read More