රක්ෂිත ප්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. ඒ “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමිනි. ඒ අනුව පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේම කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු…
Read MoreTag: forest department circulars
රාජාංගනයේ “වන අරණ”ට ප්‍රේත බැලුම්!
අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවධානමකට ලක්ව ඇත. 2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික සැලැසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි නිදහස් කර ගැනීමට ආන්ඩුව සූක්ෂම අයුරින් අවශ්‍ය නීති රීති වෙනස් කරමින් සිටී. 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට තිබූ නොහැකියාවයි.…
Read More