රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.

Deforestation in Sri Lanka Sajeewa Chamikara

රජයේ වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට  පරිසරවේදියකු චෝදනා කරයි. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව, කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇති බවට චෝදනා කරන පරිසරවේදියා අවධාරණය…

Read More

ගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර

anura kumara dissanayake gotabaya rajapaksa

ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…

Read More

පරිසරය ගැන නොතකා පටන්ගත්ත ව්‍යාපෘති රටට බරක් වෙලා – පරිසරවේදී සජීව චාමිකර

Environmentalist Sajeewa Chamikara Environmental destruction in Sri Lanka

වන සංරක්ෂණයේ වර්තමාන තත්ත්වය මොකක්ද? පළවෙනිම දේ තමයි අද වන විට ලංකාවේ වනාන්තර එහෙම නැත්නම් වනාන්තර එක්ක බැඳිලා තියෙන භූමිය, ඒ වගේම වනාන්තර පරිසර පද්ධති, මේ සියලුම දේවල් වෙළඳපොළ යාන්ත්‍රණය ට ලක් කිරීම සඳහා තමයි මේ වන විට හැම සැලසුමක් ම සකස් කරමින් පවතින්නේ. මොකද අපි දන්නවා පහුගිය කාලේ පුරාම විවිධ ආකාරයේ බාහිරින් පැමිණෙන බලවේගවල ප්‍රතිඵලයක් විදිහට මේ ක්‍රියාවලිය බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ලොකු උත්සාහයක් ගනිමින් පවතිනවා. අපි දන්නවා 1996 දී පළමුවෙන් ආපු සැලසුම තමයි (ලෝක බැංකුව මගින් ඉදිරිපත් වූ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා) අපේ රටේ…

Read More