කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!

dhammika bandara paniya covid 19 Ministry of Health

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන මුලු රටම දැන ගත්තේ පහුගිය කොරෝනා වසංගතයත් සමඟිනි. රට පුරා කොරෝනා පැතිර යද්දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර පැණියක් පෙන්වා කීවේ තමන් කොරෝනාවට බෙහෙතක් සොයා ගත් බවකි. මේ සඳහා විශාල ප්‍රසිද්ධියකුත් මාධ්‍ය මඟින් හිමි වීමත් සමඟ ධම්මික පොරක් බවට පත් වුයේ නිතැතිනි. ඔහු මේ පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවා පෙවීමට සමත් වු අතර ඉන් නොනැවතී ඔහු මේ පැණිය පාර්ලිමේන්තුවට රැගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පෙවීමට තරම් දක්ෂ විය. ඔහුගේ පැණිය ලබා ගැනීමට රට පුරා ජනතාව කෑගල්ලට එද්දී ඒ පිරිස පාලනය කිරීමට පොලිසීයට හැකි වුයේද නැත. ඒතරම් ඔහුගේ…

Read More

දේශීය ඖෂධ වට්ටෝරු ගැන අනතුරු ඇඟවීමක්!

Indigenous Ayurvedic Medicine ministry of indigenous medicine

කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගී තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි. එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි…

Read More

ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA

Dhammika Bandara GMOA dr haritha aluthge

මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය. කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ එම සිදුවීමෙන් පසු තමන්ට කොරෝනා පැණිය සම්බන්ධයෙන් තිබු විශ්වාසය නැති වී ගිය බවය. දේශීය වෛද්‍ය කර්මයට සහ රජයේ අනුග්‍රහය ලබන ආයුර්වේදයට ඉඩ ලබා දිය යුතු බවත් කාලි පැණි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බවය. එමෙන්ම  කාලි, කතරගම වැනි දෙවිවරුන් පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්ය. මන්ද කාලි, විෂ්ණු, පත්තිනි ආදී දෙවිවරු සිටියා නම් අද මෙහෙම බරපතල…

Read More