සංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!

The tourist hotel crisis in sri lanka minister of tourism

සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය. සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත්…

Read More

උත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!

Temporary Covid wards open Prasanna Ranatunga

කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට ඉදිරිපත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ දිනවල සෑම ප්‍රදේශයකටම/දිස්ත්‍රික්කයකටම තාවකාලික රෝහල් ඉදි කරනු ලබයි. මෙය දිස්ත්‍රික්ක නායකයින් අතර දැන් තරඟයක් බවට පත්ව ඇති අතර ඇඳන් රැල්ලක් මේ නිසා නිර්මාණය වී ඇති අයුරුද දැකිය හැකිය. මේ අතර ඇතැම් මැති ඇමතිවරු මේ තාවකාලික කොවිඩ් වාට්ටු ඉදිකර ඒවා විවෘත කිරීමේ උත්සවද පවත්වනු දක්නට ලැබේ. මෙයට…

Read More

ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  

university students currunt covid situation Sri Lankan Government

වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි. මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය හේතුවෙන් පහුගිය වසරේ මාර්තු මාසයේදී සියලු විශ්ව විද්‍යාල වසා දැමුණි. ඒ අවස්ථාවේ අධ්‍යයන කටයුතු මාර්ගත ක්‍රමයට සිදු කළහ. නමුත් මේ වන විට නිසි ක්‍රමවේදයකින් තොරව මාර්ගගත ක්‍රමයෙන් පමණක් අධ්‍යයන කටයුතු සිදු කිරීම නිසා සිසුන්ට හිමි විය යුතු ප්‍රායෝගික පරීක්ෂණ, සායනික පුහුණුව පවා ඇණ හිට ඇති බව ඔවුන් පෙන්වා දෙයි. විශ්ව විද්‍යාල සඳහා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා…

Read More

විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!

Quarantine of foreigners suspended in Sri Lanka covid 19 guidelines

වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි. මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අ‌ප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් නගන ලද චෝදනාවය. ඔහු කියා සිටියේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ව්‍යාපාරයක් පවතින බවය.  ඔහු ඊට අදාල තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් ද මාධ්‍යට පෙන්වා සිටියේය. ඔහු චෝදනා කර සිටියේ කොරෝනාව ව්‍යාපාරයක් කර ගෙන ඇති බවටය. ඊට පසු දිනම ඔහුගේ මෙම ප්‍රකාශය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින්…

Read More