යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!

Toxic Food Standards Report department of agriculture sri lankan government

ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික විගනකාධිපති දෙපාර්තුමේන්තුව සිදුකළ විගණනයකින් තහවුරුවී තිබේ. ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට සිදුකළ විගණන වාර්ථාවට අනුව අක්‍රමිකතා දූෂණ වංචා හා අයතා කටයුතු රැසක් සිදුවී ඇති බව තහවුරුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තුමේන්තුව විසින් පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවටත් වාර්ථාවක් සපයා තිබෙන බව අනාවරණය විය. යහපාලන ආණ්ඩු සමයේ අනුරාධපුර පිහිටි ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය…

Read More

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

aflatoxin foods Sri Lanka Standards Institution SLS

වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ… මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල සුරක්ෂිතතාවය, එනම් ආහාරවල පෝෂණය සහ ඒ අහාර කොතරම් දුරකට වස විෂෙන් තොරයිද කියන එක සෑහෙන්න වැදගත් බව කිවයුතුයි.   අපිට ආහාරයකින් පෝෂණය ලැබෙනවාත් සමගම අපි එම ආහාර නිසා යම් රෝගයක් කරදරයක් නැතිවෙන්න ඕන. ලංකාවේ ගොඩක් අයට මේ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. පාරිභෝගිකයන්ට මේ පිළිබඳව අවබෝධය නැති නිසාම කාලයක් තිස්සේ වෙළඳ ව්‍යාපාරිකයන් හරහා හෝ වෙනත් නොදැනුවත්කම නිසා…

Read More

පොල්තෙල් වලින් පසු ආනයනික ආහාර ද්‍රව්‍ය වල අඩංගු හානි කර දේවල් සොයයි!

aflatoxin in coconut oil sri lanka carcinogenic foods

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබා දැන් දින තුනක් ගෙවී ගොසිනි. අවුරුද්දට පෙර සමාජයේ ඇති වී තිබු වස විස පොල්තෙල් ගැන කථාබහක් දැන් ඇසෙන්නට නැත. සියල්ල අවුරුදු උදාවත් සමඟ නිහඩව ගොස් ඇති හැඩය. එසේත් නැතිනම් මේ විස පොල්තෙල් කථාබහක් මතු වුයේ අවුරුද්දට මිල ගොස් තිබු භාණ්ඩ රැසක් පිලිබඳ ජනතාවගේ විරෝධයක් ඇති වීම වැළැක්වීමටද කියා තවකෙකුට සිතිය හැකිය. මේ සැක සංකා සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව අප පවසන්නේ නැත. නමුත් මේ පිළිකාකාරන පොල්තෙල් කථාවෙන් පසු හෙළි වු තවත් අතුරු කථාවක් විය. ඒ මේ පිළිකාකාරය පොල්තෙල් වලින් පමණක් නොව අපට වෙනත් ආහාර තුලින්ද…

Read More

ධනපති වෙළඳාම ඉදිරියේ මහජන සෞඛ්‍යය කොයිබටද?

public health in the face of capitalist trade aflatoxin in coconut oil

හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත් සංසිද්ධියක් නොවේ. අවම වශයෙන් දශකයකට එපිට කාලයක සිට, මේ පිලිබඳව විද්‍යාත්මකව කරුනු හෙලිවෙමින් ඇත. මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කල පොල් තෙල් තොග කිහිපයක, ඇෆ්ලොටොක්සින් (aflatoxin) නමැති පිලිකා කාරක සංයෝගය අඩංගු බවට පසුගිය මාසයේ අනාවරනය විය. එම පිලිකා කාරක පොල්තෙල් වලින් කොටසක් වෙලඳපොලට නිකුත් කෙරී ඇති බව හෙලිවීම හා එම ආනයනකරුවන් ආරක්ෂා කිරීමට ආන්ඩුව හා නිලධාරින්…

Read More

කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.

Carcinogenic foods in Sri Lanka aflatoxin cancer

ගෝලීය කොවිඩ් 19 වසංගතයෙන් වසරක පමණ කාලයක සිට හෙම්බත්ව සිටි ලංකාවාසී ජනතාවට එකල්හී තවත් රෝග ගැන මතක් වුයේ නැත. ඔවුන්ට දිනපතාම පාහේ දකින්නට, අසන්නට ලැබුණේ කොවිඩ් 19 තොරතුරුය. නමුත් දැන් සමාජයේ සියලු දෙනාම පාහේ කථා කරන දෙයක් ඇත. ඒ පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු  වීම ගැනය. විෂ සහිත පොල්තෙල් මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් වුවත් අද වෙනතුරු මෙහි සත්‍ය තොරතුරු එළියට පැමිණ නැත. මේ පොල්තෙල් වල අඩංගු වී තිබෙනවා යැයි කීවේ ඇෆ්ලොටොක්සින් නම් පිළිකා කාරකයය. මේ ගැන මෙරට ජනතාව කෙදිනකවත් අසා තිබුණේ නැත. නමුත් දැන් දිනපතා මාධ්‍ය මඟින් අසන්නේය. දකින්නේය.…

Read More