අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

witness and victim protection act sri lanka

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු නිසා සැකකරුවන්ට සහ චුදිතයන්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා  දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන්…

Read More