කවුද මේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු?

රෝගීන් වෙනුවෙන් කැපවුනු, මුදල් පවා නොගෙන ප්‍රතිකාර කරපු අයුක්තියක් අසාධාරණයක් වෙන තැනක පෞද්ගලික වාසි නොතකා කෙලින් නැගී හිටපු, මිනිස්සුන්ගෙ දුක දැකපු, පිහිට වුනු දයාව කරුණාව පිරුන උතුම් මනුස්සයෙක්.

ඔහු පානදූර රාජකීය විදුහල පටන්ගත්තා. පානදූර අගමැති බාලිකාව ආරම්භ කලා. කේතුමතී කාන්තා රෝහල ආරම්භ කලා. නමුත් එතුමා පානදුරේ ඉතිහාසයට වැඩියෙන්ම එකතුවෙන්නේ, මෝදරවිල වගුර ගොඩකරලා දැවැන්ත කර්මාන්ත පුරයක් ඇතිකරපු නිසා. අද දස දහසකට වැඩි පිරිසකට රැකියා ලබාදෙන මහා සම්පත. එදා නගරය මැද තිබු මහා වගුරුබිම ගොඩවෙන කොට Dr නෙවිල්ට බැනපු අය පසුව පසුතැවිලිවුනා. ඔහු ඉදිරිය දැක්ක කෙනෙක්. දක්ෂ ව්‍යවසායකයෙක්.

සමසමාජ බලකොටුවක් වෙච්ච පානදුරේ අලියාගෙන් තරඟකරලා දිනන එක ලේසිවැඩක් නෙමෙයි. කරුනාවන්ත දොස්තර මහත්තයාට තමන්ගේම කියලා ජන්ද පදනමක් තිබුණා. විශාල ආත්ම අභිමානයක්ද තිබුණා. විධායක ජනාධිපති JR ඉදිරියේ පවා නොනැමෙන කොන්දක් තිබුණා. එනිසාම ඔහු ඉක්මනින්ම පාර්ලිමේන්තුවට සමුදෙනවා.

1989 දී එතුමාගේ නිවසට JVP ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවෙනවා. එතුමාගේ ජිවිතය බේරුනත් වටිනා මිනිස්සු හයදෙනෙකුට ජිවිතය අහිමිවෙනවා. ධෛර්යයවන්ත දොස්තර මහත්තයා සැලෙන්නේ නැහැ.

ඉන්පසුව ඔහු, 1995 වසරේදී රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ නවීනතම මුද්‍රණාලය (JF & I Packaging ) ගොඩනගනවා. රටේ කර්මාන්ත දියුණුවට මහත් ශක්තියක් වෙනවා. දහස් ගනනකට රැකියා දෙනවා.

ශ්‍රී සුමංගලේ ඔහු සමග ඉගෙනගත්ත සමකාලීනයන් ජිවිතය අතහැරලා , බණ භාවනා කරන කාලේ, එතුමා රටට වැඩක් වෙන මහා ව්‍යාපාර අලුතින් පටන්ගන්නවා. 1998 දී මිලදීගෙන ආශා සෙන්ට්‍රල් රෝහල දියුණු කරන ඔහු, එය විකුණා, එම මුදල් එවකට උසස් අධ්‍යාපන ඇමති මහාචාර්‍ය විශ්වා වර්ණපාල මහතා රටේ උසස් අධ්‍යාපනයට ආයෝජනය කර පිටරට ඇදී යන මුදල් හා බුද්ධිමය සම්පත රැකගැනීමට කළ ඉල්ලීමට අනුව ආයෝජනය කරලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ගොඩනගනවා. වෛද්‍ය, ඉංජිනේරු කළමනාකරණ, තොරතුරු තාක්ෂණ සහ නව මාධ්‍ය උපාධි ලබාදෙන විදේශ විශ්ව විද්‍යාල සමග සම්බන්ධවු දැවැන්ත ආයතනයක්. ආර්ථික අගහිඟකම් තියන ඉහලින් උසස්පෙළ සමත් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් රටේ අධ්‍යාපනයට වගේම සෞඛ්යට එම ආයතනය සිදුකල මෙහෙය උපරිමයි.

ඇදන් 1000 ක ධාරිතාවකින් යුතු නෙවිල් ප්‍රනාන්දු මහ රෝහල බිලියන ගනනක් වියදමින් ගොඩනගනවා. එතකොටත් එතුමාට වයස 80 පැනලා. එතුමා අලුත් අදහස් තිබුණු දැවැන්ත ව්‍යවසායකයෙක්. එතුමාට “මුදලාලි” කියලා අපහාස කරපු අය, රටේ දියුණුවට මොනවාද කරලා තියෙන්නෙ.

හැමෝම එකතුවෙලා Dr නෙවිල්ව පරාදකලා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේෂ්ත්‍රයේ “Education hub “ එකක් කරන්න තිබුණු අවස්ථාව රටට අහිමි වුනා. ඒ වාසිය මලයාසියාව අත්කර ගත්තා. රටේ පාලකයන්ට දර්ශනයක් ,වැඩපිළිවෙළක් නැතිබව දුටු, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර ආයෝජකයන් ආපහු හැරුණා.

තවත් කිවයුතු කරනු ගොඩක් තියෙනවා. ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ නික්ම යාමට ගැලපෙන, ගරු කටයුතු අවමංගල උත්සවයක් කොරෝනාව විසින් අහිමි කර තිබෙනවා.

සුභ ගමන් මැතිදුනි.

#DrNevilleFernando #NevilleFernando #FightForEducation

Social Sharing
නවතම විශේෂාංග