ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!

තමාරා දයානි හෙට්ටිමුල්ල

ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය.

ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය මේ වන විට සමස්ත රට වැසියන්ටම ඉතාම අවිනිශ්චිත තත්වෙකට පත්වෙලා තියනවා, මොකද බහුතර බලයෙන් පත් කරගත්ත නායකයා රටවැසියාව පහත් කොට සලකනවා නැතිනම් නොසලකා හරිනවා. ඒ නිසාම මං හිතන්නේ වැඩ කරන ජනතාව විදිහට රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය, පෞද්ගලික අංශ වලින් සමස්තයක් විවිධ දුෂ්කරතාවලට, අපහසුතාවලා ලක් වෙලා තියනවා.

ජීවන වියදම

ජීවන වියදම ගත්තහම මේ රජය ඇවිල්ලා දැන් අවුරුදු එකහමාරක් පමණ වෙනවා, කිසිම දිරි දීමනාවක් වැටුප් වැඩි වීමක්, සමස්ත සේවාවන් වලටම කරලා නෑ. ඒ මදිවට කොරෝනාවත් සමග මිනිස්සු විශාල දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන්නේ, ඒ වගේම පෞද්ගලික අංශෙයේ 50%කට ආසන්නව රැකියා අහිමි වෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි සමහර සේවා ස්ථානවල වැටුපෙන් අඩයි ගෙවන්නේ. දීමනා කප්පාදු කරලා තියනවා, රාජ්‍ය ආයතනයවලත් එහෙමයි අතිකාල දීමනා කප්පාදු කරලා තියනවා. ඒ වගේම අනෙකුත් පහසුකම් මේ වෙද්දී ඉවත් කරලා තියනවා.

ඉතින් මේ හේතුමත දිනෙන් දින මිනිස්සුන්ට ලැබෙන්න තියන දේවල් අහිමි වෙමින් තියනවා. ඒ වගේම බඩු මිල අහස උසට නගිමින් තියනවා. බොහොම සුන්දරව අපේ බන්ධුල ගුනවර්ධන මැතිතුමා පවසනවා හාල් 98ට දෙනවා, පොල් 100ට අඩුවෙන් දෙනවා, කිරිපිටි මිල අඩු කරනවා කියලා, නමුත් කිසිම වෙළෙඳසැලක සතොසක පවා ඔය සදහන් කරන මිලට නම් බඩු ගන්න ලැබෙන්නේ නෑ. ලංකාවේ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවෝ, අපි දැක්කා ඔවුන් පසුගිය දවස්වල කාන්තා දිනය සමරනවා, මං ඔවුන්ගෙන් අහන්නේ හිරිකිතයක් නැතුව මෙහෙම කාන්තා දිනය සමරන්න පුලුවන්ද කියලා. මොකද මේ වෙනකොට අපි දන්නවා හැමතැනම කාන්තාවන්ගේ දුක් ගැනවිලි. ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට. අගහිඟ කම් දැනෙන්නේ කාන්තාවන්ට, එහෙම නම් උපයන වැටුපට සරිලන ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා තියනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය

අද දෙමාපියන්ට ළමයින්ගේ අධ්‍යාපනයට මුදල් යොදන්න බැරි තත්වයක් උදා වෙලා තියනවා. රැකියා නැතිකම, තමන්ගේ ස්වයං රැකියා කරගන්න බැරිකම, දීමනා අඩුකම නිසා විශාල වශයෙන් කාන්තාවෝ දරිද්‍රතාවට පත් වෙලා තියනවා. මට මේ සම්බන්ධයෙන් තියෙන්නේ විශාල කලකිරීමක්. අපි වෘත්තීය සමිති වශයෙන් ආණ්ඩුවට බල කර සිටිනවා රටේ ආර්ථිකය ගැන මීට වඩා පුළුල්ව හිතලා ජනතාවට පිහිට වෙන්න කියලා. මිනිස්සුන්ගේ දුක හඳුනන රජයක් අපිට ඕන වෙන්නේ. කාන්තාවගේ දෑත් ශක්තිමත් කරනවා කියලා, රටේ ආර්ථිකය ස්වයංපෝෂිත කරනවා කියලා, දුන්නු පොරොන්දු ඉටු කරන්න. ණය ගන්න තත්වෙට ඔවුන් පත්කරන්න එපා. අපි දන්නවා මේ වෙලාවේ ඇගළුම් අංශවල තියෙන දුක් වේදනාව, ඒ වගේම මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව තියන අදෝනාව, ඒ විතරක් නෙවෙයි වතුකරේ මිනිස්සුන්ගේ අදේනාවා, අපි රජයට කියන්නේ සුරංගනා කතා කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව මේ පිළිබඳව හොයා බලලා කටයුතු කරන්න කියලා.

 

Social Sharing
නවතම විශේෂාංග