මහ බැංකු සොරකමට සමාන සොරකමක්  ලංකා බැංකුවෙන් – රවී කුමුදේශ්

ලංකා බැංකුවෙන් ලෝන් 65 ක් ගෙවු නැති පුද්ගලයෙකුට බිලියන 3.1 ක තවත් ලෝන් එකක් දීම මහ බැංකු සොරකමට සමාන සොරකමක් බව වැඩකරන ජනබලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතාන යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ලංකා බැංකු අධ්‍යක්ෂකධුර වලින් ඉවත් කරන්නේ බැංකුවට අදාල නිවැරදි තීරණය ගත් නිසා  බවද ඔහු සඳහන් කර සිටියි..

මේ ඉවත් කිරීමට බැංකුවේ සභාපතිවරයා වන කාංචන රත්වත්තේ මහතා මැදිහත් වී ඇති ඇතැයිද ඒ සැප්තැම්බර් මාසයේ සිදු වූ ලෝන් එකක් ගැනිමේදී සිදු වූ නිර්දේශ ලබා දීමේ සිද්ධියක් මුල් කරගනිමින් යැයිද ඒ මහතා  පෙන්වා දෙයි.

ඒ ඩි.එස්. ගුණසේකර නැමැති ගිණුම් හිමියාට රුපියල් බිලියන  3.1 ක ලෝන් එකක් ලබා දී ඇති බවත් ඒ මේ රටට සිගරට් ගෙන්වීම සඳහා බවත් ඒ අයවැය තුලින් සිගරට් මිල ඉහල ගියහොත් ලාභයක් ඉපයීම ඉන් බලාපොරොත්තු වී ඇතැයිද කියා සිටින රවී කුමුදේශ් මහතා පවසන්නේ මෙය මහ බැංකු හොරකමට සමාන හොරකමක් බවය.

බැංකු වල ඇති නීති පද්ධතිය, හර පද්ධතිය ඉවත් කර තමන්ට අවශ්‍ය පුද්ගලයින්ට බැංකුවේ සල්ලි හොරා කන්න දෙන තත්ත්වයකට අප ගමන් කරමින් සිටින බව අවධාරණය කර සිටින ඒ මහතා පවසන්නේ ලෝන් ගත් සාමාන්‍ය මනුස්සයෙකුට දින 90 ක් තුල පොඩි මුදලක් ගෙවා ගැනීමට නොහැකි වු විට ක්‍රිබ් එකකට යන බවත් නමුත් මේ ණය මුදල ලබා දී ඇති ඩි.එස්. ගුණසේකර යන අය විසින් පමණක් ලංකා බැංකුවෙන් ලබාගත් ලෝන් 65 ක් පමණ ඇති බවය.

කටුවන ශාඛාවෙන් ලබා දි ඇති මේ මුදල කොයි ආකාරයෙන් නිර්දේශ වුවාද කියන කරුණ සෙවිය යූතු බවත් මෙම නිර්දේශයට එරෙහි වු අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට අවසානයේ අත් වුයේ අධ්‍යක්ෂධුර වලින්  ඉවත් කිරිම යැයිද හෙතෙම සඳහන් කර සිටියි.

මෙලෙස නීති නවමින් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවත් මේ ණ්‍ය මුදල ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් රවී කුමුදේශ් මහතා ජනාධිපතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශානි

Social Sharing
නවතම