රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 28 දින අඟුණකොළපෑලැස්සේදී පැවසීය.

අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායක මහතාගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ එසේ පැවසීය.

දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු කොට ගෙන කෙසේ දඩුවම් දිය යුතුද යන්න මෙටර නීති පොත්වල සදහන්ව නෑ. එහෙම තත්වයක් තුළ තමයි එතුමා බන්ධනාගාර ගත්ව සිටින්නේ. රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීමට පක්ෂ විපක්ෂ හැමෝම අකමැති වෙන එකක් නෑ. එතුමාත් අපෙක්ෂාවෙන් ඉන්නවා හැකි ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස්ව එන්න. විපක්ෂ නායක තුමා පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබුණා රංජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමාට සමාව දෙන ලෙසට. ඊට ජනාධිපති තුමා එකග වී පවසා තිබෙනවා අදාළ ලියකියවිලි සකස් කොට එම ඉල්ලීම සිදු කරන්නට කියා. අපේ බලා පොරතේතුවක් තිබෙනවා නුදුරු දිනයකදීම රංජන් රාමනායක මහතාට බන්ධනාගාරයෙන් නිදහස්ව එන්නට හැකිවේ යැයි කියා.

එමෙන්ම රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සදහා දියත් කොට ඇති ආණ්ඩුවේ  වැඩ පිළිවෙළ පිළිබදව ගැටළු තිබෙනවා. ආණ්ඩුව කොහොම කිවුවත් මේ වසංගතය අද වෙන විට සමාජ ගත වී හමාරයි. ආණ්ඩුවේ කොවිඩ් එන්නත් වැඩ පිළිවෙළ පිළිබදව සතුටු වෙන්න බෑ. ඒ පිළිබදව ගැටළු තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අය මර්ධනය කිරීමේ ක්‍රියාවලියකද ආණ්ඩුව යෙදෙමින් ඉන්නවා. එහි එක් ප්‍රතිඵලයක් විධියට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා අත් අඩංගුවට ගන්න ආණ්ඩුවේ සූදානමක් තිබෙනවා.නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියා අපි කල්පනා කරනවා.

කම්කරු දිනයේ විරුද්ධ පක්ෂයේ නැගිටීම පාලනය කිරීම සදහා කොවිඩ් අණපනත් යොදා ගන්නා බවට සමහර මාධ්‍ය වාර්තා කරනවා. කොහොම නමුත් සමගි ජනබල වේගය මැයි දින සැමරුම රටේ තත්වය යහපත් වූ විටෙක පැවැත්වීම ට කටයුතු කරනවා.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම