ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!

amphibians in sri lanka IUCN Red List

ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ

වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවින් බව රතු දත්ත පොතේ වාර්තා උපුටා දක්වමින් පරිසර වේදීන් අමාත්‍ය මහින්ද අමරවීර ට පෙන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි  පසුගිය සතියේ බ්‍රහස්පතින්දා  පරිසර සංවිධානවල නියෝජිතයන්, පරිසර විද්‍යාඥයන් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව  සාකච්ඡා කර ඇත.

සාකච්ඡාවට ගැනුණු ක්‍රියාමාර්ග කවරේදැයි රජය ප්‍රකාශයට පත්කර නැත.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ නිසි අවධානයට යොමු නොවීම නිසා අපේ රටේ  ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂ ද වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින බවයි.

වඳ වී ගොස් ඇතැයි සැලකූ ගම්පහ මීරිගම පිහිටි  පඬු කරඳ ශාඛය වැනි වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති තවත් ශාඛ විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන තිබෙන අතර , එම ශාඛ මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට කඩිනමින් එම පාරිසරික සම්පත් කපා දැමීම හෝ විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළ කරන ලෙස එම පිරිස  අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාරේතමේන්තුව පවසන්නේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින එම ශාඛ හා සත්ව විශේෂ සම්බන්ධව තමන්ට විස්තර ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදි පරිසර සංවිධානවලින් ඉල්ලිමක් කළ බවයි.

එම ලැයිස්තුව ලැබුණු පසු අදාල අංශ සමග සාකච්ඡා කර වඳ ව යාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ මෙන්ම සත්ව විශේෂ ද ආරක්ෂා කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් පළ කිරීමට මෙන්ම අවශ්‍ය සංරක්ෂණ පියවර ගැනීමටත් සුදානම් බව අමාත්‍යවරයා එහිදි පවසා තිබේ.

පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාව සදහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ  ද සහභාගි වී ඇත.

Social Sharing

Related posts