ඉස්කෝලෙ අයිඩෙන්ටියට කොල පුරවනකොට අත්සනකුත් පුරුදු වෙන්න කිව්වා , කලිසං විතරක් අඳීන ඒත් චිත්‍ර අඳීන්න දන්නේ නැති මගේ අත්සන ගැන අදටත් මම කල්පනා කරනවා ලස්සනට අකුරු ලියන යාලුවන්ට ලස්සන අත්සන්.
කොහොම උනත් අයිඩෙන්ටියේ මගේ පොටො ඒක ලස්සනට තිබුනා සමහරුන්ගේ රැවුල් වැවෙන කාලේ නිසා ඒවා අජුවායි.
සමහරු ගත්තේ තැපැල් අයිඩෙන්ටිය.
ඔය අයිඩෙන්ටිය තමයි රජයේ විභාග දෙකටම පෙන්නුවේ. අනන්‍යතාව තහවුරු කරන්න. ඒ කාලේ වෙන ඩොකියුමන්ට් නැති නිසා.
අපි රස්සාවල් කරන්න ගත්තම ලොකු සල්ලියක් නැති උනාට ලොකුවට කන්න කැමති ඒ කාලේ බුෆේ එකකට යැමත් ලොකු දෙයක් එහෙම ගිහිල්ල එන ගමනේ ඩිනේශ්ගේ කාර් එක හැප්පුනා Dinesh Rukmal Fernando . තව සෙට් එකක් එක්ක. වලියට සෙට් වෙනකොට මම සිරිසංගබෝ වෙලා මගේ අයිඩෙන්ටිය දුන්නා ඇපෙට පොලිසීයේදී හමු වෙමු කියලා . ඇපෙට අයිඩෙන්ටිය දීම ලංකාවේ සිරිතක්. කොහොම උනත් සෙට් එක බීලා නිසා උං පොලීසී ගියෙත් නැ මගේ අයිඩෙන්ටිය ආයේ ලැබුනෙත් නැ.
ගානක් නැ මට එතකොට පාස්පෝට් එක තිබුනා කලුපාට ලොකු කවරේ තියන පාස්පෝට් එක.
ඊට පස්සේ මම පාස්පෝට් එක තමයි හැම තැනම අරන් ගියේ එක පෙන්නලා ලොකු වලි එහෙමත් ගියා පොලීසීය එක පිලිගන්න බැ කියනවා . මම පුලුවන් කියනවා . මම ලෝ ටෝක් දෙනවා පොලිසීය පොලිස් ටෝක් දෙනවා හෙන වලි.
ඔය කාලේම දීර්ඝ කාලීන අවසන් වසර නීතී ශිෂ්‍ය තනතුරේ හිටපු නිසා ලෝ කොලේජ් එකෙන් දෙන නිල්පාට අයිඩෙන්ටිය ලැමිනේට් කරල සාක්කුවේ දාගෙන හිටියේ අවසන් වසර නීතී ශිෂ්‍ය කියන ටයිටල් එකත් එක්ක. ඒකට අධී නීතීඥ බලයක් ආරෝපනය කර ගන්න පුලුවන් උනා චෙක් පොයින්ට් වල.
92 දී මම පලමු වරට ෆයිනල් කරන්න කලින් මාසයක ජාත්යන්ත්ර වැඩසටහන කළා, පිටරට ශිෂ්‍යයෝ 50ක් පිටරටින් අවා උනට කන්න බොන්න දෙන්න එයාර්පොර්ට් එක්කන් යන්න, ගෙන්න ආදී සැම වැඩෙම මටමයී තිබුනේ කවුරු හෝ සහයට ඩැනි කෙනෙක් එක්ක.
පකිස්තාන් සෙට් එක ගේන්න එයාර් පෝට් යන කොට හත වැදීලා හිටියේ හිටගෙන නිදී ඇත්තටම . එයර්පෝට් චෙක් පොයින්ට් එකෙන් නැවැතුවා කොහෙද යන්නේ පකිස්තාන් කට්ටියක් ගේන්න.
හ්ම්ම් ….
තමුන් කොහෙද?
ලංකාවේ …
බහිනවා බිමට ….
තමුසෙලා ඔහොමද නිලධාරීන්ට කතා කරන්නේ, බැනුම් කෝටියයි….
එතකොටම සාක්කුවෙන් නිලපාට ලෝ කොලෙජ් අයිඩෙන්ටිය එලියට එනවා.
ඔය ලමයින්ගේ හොඳටම නේ අපි මේව චෙක් කරන්නේ පුතාල යන්න. ඒක නොතිබුනා නම් තාම ගුටි කනවා.
කොහොමින් හරි නීතීඥ උනා කියමුකෝ පලමු දවසෙම යාවජීව සාමාජිකත්වය ගත්තා. ඒ කාලේ යාවජීව සාමජිකත්වයට ජනාධීපති නීතීඥ අත්සනක් ඕනා. වාසනාවට H L ද සිල්වා මහත්තයාගේ අත්සන ගන්න පුලුවන් උනා මහප්පට කියලා.
එදා ඉඳන් යුද්ධ කාලේ උතුරු නැගෙනහිර ගිය සිය ගනනක් ගමන් වල ඉස්සරහ සීට් එකේ යන්නේ මම නැවැත්තුව ගමන් මගේ BASL. අයිඩෙන්ටිය දෙනවා රෙස්පෙට් එක වගෙම අනෙක් අයට අඩු චෙක් කිරීලී වලට ලක් උනා.
එහෙම නොවුනු අවස්ථාත් තියනවා මගේ නීතීඥ යාලුවෙක් මාධ්‍ය යාලුවෙක්, පුජක යාලුවෙක් මානව හිමිකම් යාලුවෙක් යන හතර දෙනාවම අම්පාර මහඔය චෙක් පොයින්ට් ඒකේ කලිසන් ගලවල චෙක් කලේ නිතීඥ යාලුවට BASL අයිඩෙන්ටියත් තියාගෙන. Chandrasekara Dodawatta Anusha Mendis , Udaya Kalupathirana
ඊට පස්සේ මම වවුනියා යන කොට ඊරට්ටපෙරිය කුලම් වල මාව නවත්තලා BASL අයිඩෙන්ටිය බලල මාව වවුනියා යවලා. ආපහු එන කොට මාව තියා ගත්තා යුද්ධ කාලේ මහ රැ 10 ට අයිඩෙන්ටිය සුවර් නැ කියලා. ඒකට මම මානව හිමිකම් නඩුවක් දැම්මා. සුමන්තිරන් මහත්තය තමයි නඩුව කලේ
වසර 2000 දී විතර අපේ කණ්ඩයමක් හිටියා අධ්‍යන කවයක් ඒ අයට ඕනැ කලා අයිඩෙන්ටි කාඩ් ගැන අධ්‍යනයක් කරන්න ඒ ගන දැනුම ගන්න ෆිල් එස්මන්ඩ්ගේ නෝනා අපිව එක්කන් ගියා එයාගේ යාලුවෙක් වන සුබෝ ගාවට. සුබෝ ලා හිටියේ නුගේගොඩ රේමන්ඩ් පාරේ ගෙදරක . එහෙදී තරුණ වැලිඅමුන මහත අපිට තේරුම් කරලා දුන්නා අයිඩෙන්ටියක අයිතිවාසීකම් ගැන. ඒ ගැන මගේ ඔලුවේ අවුරුදු 12ක් තිබුනා . Subodhya Wijetunge Weliamuna .
2012 දී මගේ අයිඩෙන්ටිය නැවත නැති වෙනවා මම අයිඩෙන්ටියක් ගන්නවා එකේ අංකය වැරදී ආයේ එකක් දුන්නා ඒකට මම නඩු ගියා මගේ එක දෙමලෙන් අකුරු නැ කියලා .SCFR / 100/ 2012 හිටපු අගවිනිසුරුවරුන් දෙදෙනකු වන කේ ශ්රීපවන් සහ ශිරානි බන්ඩාරනායක මැතිනිය තමයි නඩුව ඇහුවේ.. ඒත් පෙත්සම් කරුත් ලෝයරුත් දෙන්නම වෙච්ච මගේ නඩුව කාලාවරෝධය නිසා පැරදුනා.
ඊලඟ අවුරුද්දේ මහරගම පැත්තේ කෙනෙක් නඩුවක් දැම්මා ඒ කාරනයටම සුමන්තිරන් මහත තමයි නීතීඥ ඒ නඩුවේ ප්‍රතිපලයක් ලෙස අද අපි භාවීතා කරන ත්රෛභාශීක අයිඩෙන්ටිය එන්නේ. හා ස්මාර්ට් වෙන්නේ.
1968 අංක 32 දරන පනතේ 15 වගන්තිය අනුව ඔබ අයිඩෙන්ටිය පාරේ අරගෙන යන්න ඕනා නැ.
ඒත් නොගියොත් වෙච්ච අලකලංචි තමයි මම ලිව්වේ.
ලක්ෂාන් ඩයස් මහතා ගේ මුහුණු පොතෙනි,