ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.

ඒ අනුව ෆොක්ස් නිවුස් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී, තීරුබදු විරාමය දීර්ඝ නොකරන්නේ දැයි විමසූ විට ට්‍රම්ප් පවසා ඇත්තේ, එක්සත් ජනපදය සමඟ ගනුදෙනු නොමැති නම් වෙළඳ දඬුවම් ක්‍රියාත්මක වන බවට ඔහුගේ පරිපාලනය එම රටවලට දැනුම් දෙන බවයි. ඒ අනුව ඔහුගේ ස්ථාවරය මතය අනුව ජූලි 09 අවසන් දිනය බවයි. තවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “මම ලිපි එවන්නෙමි. වෙළඳ ගනුදෙනුව එතැනින් අවසන් වේ.” යනුවෙනි.

රටක් අමෙරිකාවට සලකන ආකාරය බලා සිටින බවත්, ඔවුන් හොඳද, ඔවුන් එතරම් හොඳ නැද්ද ඇතැම් රටවල් ඇමෙරිකාවට සැලකිල්ලක් නොදක්වයිද සලකා බලා ඇමෙරිකාව ඉහළ සංඛ්‍යාවක් නියම කරන බව ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

Social Sharing

අවකාශය නවතම විදෙස්