පරාටේ නීතිය අද සිට නැවතත් ක්‍රියාත්මක වේ!

අද දින සිට නැවත ක්‍රියාත්මකවන පරිදි පරාටේ නීතිය බලගැන්වෙනු ඇත. ඒ අනුව පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි. කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

පරාටේ නීතිය සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද වීඩීයෝව පහතින්

Social Sharing

අවකාශය නවතම