රජය විසින් ආරම්භ කරන ලද ප්‍රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව මේ වන විට නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත. විවිධ අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් කොළඹ ජාතික රෝහලට දක්වා ධාවනය කිරීමට සැළසුම් කර ඇත. මෙම බස් රථ පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල යන නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමට සැළසුම් කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙවැනි වැඩපිළිවෙළක් මෙරට ක්‍රියාත්මක වන්නේ පළමු වරට වීමද විශේෂත්වයකි.