තරුණයන්ට මත් පෙති විකුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!

මඩකලපුවේ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගිය ඖෂධහලක් තුළින් මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම මඩකලපුවේ කිරාන් ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව ලද තොරතුරු මත මඩකලපුව ප්‍රාදේශීය ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කිරාන් ප්‍රදේශයේ ඒකාබද්ධව වැටළීමක් සිදුකර මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය නිර්දේශවලින් තොරව තරුණයන්ට PREGAB 150mg නම් ඖෂධය නිකුත්කිරීම සම්බන්ධයෙන් ඖෂධ හලේ සිටි MBBS සුදුසුකම් ලත් වෛද්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර විමර්ශන කටයුතු සිදුවෙමින් පවති.

මත් උවදුර අද වන විට සමාජයට හා මානව හිමිකම් සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඒ සම්බන්ධව අපගේ ආයතනය සිදුකළ වීඩීයෝවක් පහතින්

Social Sharing

අවකාශය නවතම