ජුලි 01 දා සිට ළමයින් සිඟමනේ යැවීම හා වෙළඳාමේ යෙදවීම තහනම්!

අද දිනට යෙදුණු ළමා ශ්‍රම විරෝධි දිනයට සමඟාමීව කාන්තා හා ළමා කටයතු අමත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති අතර ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාන්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම් කටයතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත සේවය හා අන්තරාකායික රැකියාවල යෙදවීම අවසන් කිරීම සම්බන්ධයෙන් හා සියලුම හිංසනයෙන්, ප්‍රචන්ඩත්වයෙන් කුඩා ළමයින් වළක්වා ගැනීම ඉන් අපේක්ෂාකොට ගෙන ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ යන්ත්‍රණයක් සකස් කර ඇති බව සඳහන් වේ.

එම යාන්ත්‍රණයේම තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන් අනිවාර්යයෙන් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව ලෙස පත් කර ඇත. ඒ තුළින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම අරමුණු කොට ගෙන ඇති අතර තවද වයස් අවුරුදු 16ට අඩු දරුවන් අවිධිමත් රැකියාවල යෙදෙනවානම් හෝ සිඟමනේ යෙදෙනවා නම් මෙරට පුරවැසියන්ට ඊට විරුද්ධ වීමේ හැකියාව පවතින බව කාන්තා හා ළමා කටයතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් පවසා සිටියි. ඒ අනුව එළඹෙන ජුලි පළමු දා සිට මෙම නීතිය බලාතමක කිරීමට අපේක්ෂිතය.

Social Sharing

අවකාශය නවතම