ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ සිදුවීමට අදාළ මහාධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව අද දින කළුතර මහධිකරණයේ දි විභාගයට ගත් අතර එම සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ලසන්ත ජගත් කුමාර සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයා සාක්ෂි ලබා දුනී.

ඒ අනුව 2000 වසරේ ජුනි මස 18 වන දා මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකු ලෙස කටයතු කළ දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයතු කරන චමින්ද පත්තේගෙදර නිලධාරියා විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම අද දින (11) සිදු කළේය.

පයාගල පොලිසිය විසින් ලසන්ත කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලසන්ත කුමාර යන අයව බන්ධනාගරයට භාරගත් බව එහිදී පැවසීය. ඔහු අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ පොලිස් නිලධාරින් දස දෙනෙකු පමණ ඔහුට පහර දුන් බවත් එයින් ඔහු අසනීප වූ බව හෙළි වූ අතර බන්ධනාගාර පොලිස් පහර දීම් පොතෙහි මේ පිළිබඳව සටහන් කර ඇත. ඉන් අනතුරුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත් තවද එහිදි ඔහුගේ අතක් ඉදිමී තැළීම් තුවාල ලැබ සිටින අයුරු ඔහු නිරීක්ෂණය කළ බවත් එහිදී සාක්ෂි ලබා දීය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටි නීතිඥ මාක්ස් මහතා විසින් මෙම නඩුවේ චූදිතයෙක් වූ ප්‍රසන්න වික්‍රමරත්න සම්බන්ධයෙන් නැවතත් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන ලෙසත් ඔහු සම්බන්ධයෙන්වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් නියෝගයක් ඉල්ලා ඇත. ඒ අනුව අද දින නැවතත් විවෘත වරෙන්තුවක් ලබා දුන් අතර එළඹෙන සැප්තැම්බර් 15 වනදාට නඩුව කල් දමන ලදී.

Social Sharing

අවකාශය නවතම