ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට අතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එම පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් හෙළාදැක ඇත.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන ආකාරයට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවත් ජාතිකත්වය මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙවැනි තහනමක් පැනවීම වෛරය පැතිරවීමක් ලෙස “හියුමන් රයිට් ෆස්ට්” සංවිධානය පෙන්වා දෙයි.
ඒ අනුව ජනපති ට්‍රම්ප් පැනවූ මෙම තහනම ජුනි මස 09වනදා සිට බලපැවැත්වෙන අතර ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි, ලිබියාව, සෝමාලියාව, සුඩානය හා යේමනය යන රටවල් 12ක වැසියන් සඳහා මෙම තහනම බලාත්මක වේ. ඒ අනුව ඇමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ මෙම නියෝගය පනවා ඇත්තේ ආරක්ෂක හේතූන් මත බව ඔහු පවසා ඇත.