පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 50% බහුතරයක් නොමැතිවීම බාධාවක් නොවෙයි!

පළාත් පාලන ආයතනයක සභිකයන්ගෙන් 50%ක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නොලැබීම ව්‍යවහාරික පාලනයකට බාධාවක් නොවන බවත් මෙය සෘජුවම බලපාන්නේ සභාපති හෝ නගරාධිපති තෝරා ගැනීමේදී පමණක් බවත් Accountability Lab In Asia ආයතනයේ කාන්තා දේශපාලන අයිතීන් පිළිබඳ අධ්‍යක්ෂිකා ශ්‍රියානි රුවනාරා මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන ආකාරයට එතකොට වෙන්නේ පළාත් පාලන කොමසාරිස් සහ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා මූලිකත්වයෙන් පළවෙනි රැස්වීම පවත්වලා, ඡන්දයක් තියලා, ඒ ඡන්දයෙන් තමයි පොදු එකඟතාව මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරගන්නේ,” තවද එලෙස පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා මූලිකත්වය ගෙන පවත්වන සභාවේදී පොදු එකඟත්වය මත අදාළ පළාත් පාලන ආයතනයේ උපසභාපතිවරයා තෝරා පත් කරගන්නා බව ද කියා සිටියා ය.

රුවනාරා මහත්මිය පෙන්වා දුන්නේ, 50%ක බහුතරයක් නොමැතිවීමෙන් පළාත් පාලන ආයතනයේ කටයුතු කළ නොහැකි යැයි කිව හැකි නොමැති බවයි. “මහ නගර සහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත අනුව ආයතනයේ කටයුතු පහසුවෙන් කළ හැකියි” යනුවෙන් ඇය පැවසීය.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පැහැදිලි කළ ආකාරයට ඡන්ද විමසීම් ආඥා පනතේ පැහැදිලිව ම තියෙන්නේ යම් තනි පක්ෂයක් සභික සංඛ්‍යාවෙන් 50%ක් ගත්තොත් ඒ පක්ෂයේ මහලේකම්ට අයිතිය තියෙනවා සභාපති, උපසභාපති තෝරන්න,” යනුවෙනි.

කෙසේ වෙතත්, බහුතරය ලබා ගත් පක්ෂය හැර වෙනත් පක්ෂයකින් සභාපතිවරයා තේරී පත් විය හැකි අතර එසේ 50%ක් හෝ ඊට වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක බලයක් නොමැති විට සභාපතිවරයා ඡන්දයෙන් පත් වන අයුරු ද හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය.

බහුතරය ඉන්න පක්ෂය හැර විපක්ෂයෙන් සභාපතිවරයා පත් වෙන්න පුළුවන්. සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට මන්ත්‍රීවරු 50%ක් ඡන්දය දිය යුතුමයි. ඒකෙන් 50%ට වඩා ගන්න කෙනා සභාපති ලෙස තේරෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසා සිටියේ, සභාපතිවරයා තෝරා ගැනීමේදී බහුතර පක්ෂය හැර වෙනත් පක්ෂයක නියෝජිතයෙකුටද එම තනතුර ලබාගැනීමට හැකියාව ඇති බවයි.  පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයකින් සභාපතිවරයා තෝරා පත් කර ගන්නා බව ද හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.

උපුටා ගැනීම BBC වෙබ් පිටුවෙනි

Social Sharing
අවකාශය නවතම පුවත්