කිරි හරකුන් ආනයනයේ රුපියල් කෝටි 330ක් අවභාවිත කළ හිටපු ලේකම්වරියක් CIDට කැඳවීමේ සූදානමක්.

කිරි හරකුන් ආනයනය කිරීම බව පවසා රුපියල් කෝටි 330ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක්) අවභාවිත කළා යැයි චෝදනා ලැබ සිටින පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඇය පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳක් බව වාර්තා වේ. ඒ අනුව මෙම සැකකාර හිටපු ලේකම්වරිය මේ වනවිට විදේශගතව ඇති අතර ඇය ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව ද ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ඇය මෙරටට පැමිණි විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දිය යුතුව තිබේ. එකල මෙම ලේකම්වරිය ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති අතර 2016 සහ 2017 කාලයේදී කිරි හරකුන් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 11ක් වෙන් කිරීමේ සිද්ධියකට ඇය ද සම්බන්ධ බව සඳහන් වේ. කෙසේ වෙතත් ලැබුණු පැමිණිල්ලට අනුව එවැනි කිරි හරකුන් ගෙන්වීමට හෝ එම මුදලට සිදුවූ දෙයක් නොමැති බවටත් ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

 

 

 

 

Social Sharing
අවකාශය නවතම පුවත්