කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස්වරිය ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ චක්‍රලේඛනය කඩ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා සඳහන් කරන ආකාරයට කන්තලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන බඩ ඉරිඟු වගා වැඩසටහනක් සම්බන්ධයෙන් ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය ඉතා අසාධාරණ සහ නීතිවිරෝධී මට්ටමක සිදු වී ඇතැයි.

කන්තලේ සීනිකර්මාන්ත ව්‍යාපාරයට අයත් භූමිය ප්‍රජාව වෙත වගාවන් සඳහා නිදහස් කරමින්, එම ඉඩම් තුළ බඩ ඉරිඟු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් ගත් මෙම පියවර ඉතා වැදගත් සහ අනාගත කෘෂිකර්ම ව්‍යාපෘතීන්ට ආධාර වන ක්‍රියාවලියක් වුවත්, ඒ සඳහා ඉඩම් බෙදාදීමේදී ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ චක්‍රලේඛනය කන්තලේ ඉඩම් කොමසාරිස්වරිය කඩකර ඇති බවත් විජේසේකර මහතා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම ක්‍රියාවලිය හේතුවෙන් දුප්පත් ගොවීන් සහ කුඩා කෘෂිකර්මිකයින් සිය අයිතීන් අහිමි වී ඇති බවත්, අසරණ තත්ත්වයකට පත් වී ඇති බවත්ය. විශේෂයෙන්ම එම භූමිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික වගාවන් කළ ගොවීන්ගේ හිමිකම් නොසලකා හැරී ඇති බවද ඔහු පැවසීය.

ජයන්ත විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ, මෙම ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කර සාධාරණව ගොවීන්ට හිමිකම් ලබාදිය යුතු බවයි.

Social Sharing
අවකාශය පුවත්