විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ එම්. කේ. උජිත් කුමාර නැමැති ආබාධිත සෙබලෙකි. මොහු ඉකුත් මාර්තු මස හතරවන දා තඹුත්තේගම එප්පාවල හංදියේ මාර්ගය අසළ දුරකථන සංවාදයක සිටින අවස්ථාවක තඹුත්තේගම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැමිණ පරුෂ වචනයෙන් බැණ වැදී ‘තෝ කුඩු විකුණනවා නේද?’ යැයි අසමින් ඔහුගේ ඇඳුම් ගලවන ලෙස තර්ජනය කර පහර දී කලිසම ගලවා ඔහුව ගසකට හේත්තු කොට ඔහුගේ කෘතිම පාදය ද ගලවා දමා ඇත.
පසුව ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔහුගේ සාක්කුවේ තිබී මත් ද්‍රව්‍ය හසු වූවා යැයි කියා ඔහුව සිරගත කරන බවට තර්ජනය කොට ඇත. එවිට මොහු තමා මත් ද්‍රව්‍ය භාවිතා කිරීමක් හෝ අලෙවි කිරීමක් නොකරන බවත් පවසා ඇත. පසුව එම පොලිස් නිලධාරියා ඔහු රියදුරු බලපත්‍රයක් නොමැතිව බයිසිකලයක් ධාවනය කළා යැයි නඩුවක් පවරා පොලිසීයෙන් එවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී මානව හිමිකම් කොමිසමට, පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවන අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට ඔබගේ පැමිණිළි ඉදිරිපත් කළ හැක.
අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය
නිමල් දිසානායක – 0768182357
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100