ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය අධිකාරිය ඉක්මවීමක් බවට අමෙරිකානු අධිකරණ තීන්දුවක්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු තීරු බදු පැනවීමේ ප්‍රතිපත්තිය සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට එරට ෆෙඩරල් අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව මෙම තීන්දුව මගින් ඔවුන්ගේ රටට බලපාන අන්දමින් තීරු බදු පැනවීමට ධවල මන්දිරයට ඒකපාර්ශ්වික අධිකාරියක් හිමි නොවන බවට ඔවුන් පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය පෙන්වා දෙන අන්දමට එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනෙකුත් ජාතීන් සමග වාණිජ කටයුතු නියාමනය කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයට සුවිශේෂි බලතල ලබා දෙන බවයි. මෙම තීන්දුව මගින් ජනාධිපතිවරයා සතු ආර්ථිකය ආරක්ෂා කිරීමේ වගකීම අවලංගු නොවන බවද, අධිකරණය පෙන්වා දී තිබේ.

ට්‍රම්ප් පරිපාලනයට අමෙරිකානු වාණිජ අධිකරණය ලබා දුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් ආර්ථික ප්‍රතිපත්තිවලට එල්ල වූ පහරක් ලෙස, ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

Social Sharing
අවකාශය පුවත්