රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඊයේ දිනයේ උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුරාධපුර, අභිමංසල 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් සංවිධාන කර ඇත. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගි වී ඇත.
මෙම නිල සංචාරයේදී, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරිත්‍යාග කරන ලද ජීප් රථයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් රෝද පුටු සහ කිහිලිකරු බෙදා දුන් බවට වාර්තා වේ.
මෙම අවස්ථාවට විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 2,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත. ඒ අනුව මෙම වෛද්‍ය කඳවුර මඟින් වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සේවා සහ පෝෂණ උපදේශන සේවා ලබාදීම සිදු කර ඇත.