2025 ජනවාරි 2 වැනිදා උදෑසන නෙළුව පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂකතුමාගේ නිල නේවාසිකාගාරයට උණු වතුර වීදුරුවක් ගෙන ඒමට එහි සේවය කරන කාන්තාවකට (කෑම පිසින කාන්තාවකට) නියෝගයක් ලැබී ඇති අතර එම කාන්තාවට වතුර වීදුරුව ගෙන ගිය අවස්ථාවේ ලිංගික හිංසනයක් සිදු කිරීමේ උත්සාහයක් සිදුවී තිබේ.
ඇයගේ පැමිණිල්ල අනුව, නෙළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් V.W. චන්දිමා සමන් කුමාරි යන අයට නිල නේවාසිකාගාරයේදී ලිංගික අල්ලස් ඉල්ලා තර්ජනය කිරීමකට යටත් කර ඇති අතර ඇය විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඇය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක පාර්ශවය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති කාර්යාලය, සහ කාන්තා හා ළමා කොට්ඨාශය යන ස්ථාන වලට පැමිණිළි ඉදිරිපත් කර ඇත.
නමුත් 2025 ජනවාරි 16 දින සිට මේ වන තෙක් මැයි 27 වනදා වනවිටත් කිසිදු විමර්ශනයක් අවසන් කර නොමැති අතර, සැලකිල්ලට ලක්වූ පොලිස් නිළධාරියාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
අදාළ සේවිකාව පවසන්නේ, “සාමාන්‍ය පුද්ගලයෙකුට මෙවැනි චෝදනාවක් යටතේ පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නීතිය, පොලිස් නිළධාරියෙකුට මෙසේ අදාළ නොවන්නේ ඇයි ද යන වගයි.
අදාළ සේවිකාව විසින් මේ වන විට 2025 ජනවාරි 23 වනදා සිට හිනිදුම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවී සේවය කරමින් සිටී. එහෙත්, එම පාර්ශවයෙහි ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ඇය දැඩි කණසල්ලකින් පසු වේ.