ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස දැක්විය හැකි තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙන බව, නිති ආයෝග් (NITI Aayog) හි ප්‍රධාන විධායක නිළධාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, නිති ආයෝග්ගේ 10 වන පාලක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. ඉන්දියාව මේ වනවිට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවන ආර්ථිකයකට හිමිකම් කියමින් පවතින බවද ඔහු එහිදී අවධාරණය කළේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නවතම දත්ත අනුව, ඉන්දියාව මේ වන විට ජපානය අභිබවා ගොස් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත.
සුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් පැවසුවේ, ලොව ඉහළම ආර්ථික තත්ත්වයන් හිමිකර ගෙන සිටින රටවල් ලෙස පවතින්නේ ඇමරිකාව, චීනය සහ ජර්මනිය පමණක් බවය.
ඔහු අවධාරණය කළේ, වර්තමාන ආර්ථික සැලසුම් සහ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත්, ඉදිරි වසර දෙකහමාර හෝ තුනක් ඇතුළත, ඉන්දියාවට ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට හැකියාවක් පවතින බවය.