ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නව ඒකකයක් හඳුන්වා දේ.

මෙරට ළමා ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් නිල වශයෙන් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඒකකයක් හඳුන්වා දී තිබේ.

මෙම ඓතිහාසික පියවර ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස සහ රටේ මානව හිමිකම් ගමනේ සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.

නව ඒකකය මූලික කාර්යයන් තුනක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ අනුව අධීක්ෂණය, දත්ත රැස් කිරීම සහ  ළමා කේන්ද්‍රීය විමර්ශන පද්ධතියක් ස්ථාපිත කිරීම යන කාර්යයන් මෙම ඒකකය තුළින් සිදු කරයි.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා ඒකකයේ අරමුණු පිළිබඳව පැහැදිලි කළේය,

“අපි දැන් නව ළමා අයිතිවාසිකම් ඒකකයක් පිහිටුවා තිබෙනවා. ළමයින්ට අදාළ සියලු විමසීම් සහ විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා මෙම ඒකකය වගකිව කියනු ලබයි. දෙවනුව, මෙම ඒකකය දත්ත රැස් කරනු ඇත. එමෙන්ම තුන්වනුව අපි ක්‍රියාවලියක් ආරම්භ කර ඇත්තෙමු. එමඟින් ළමා කේන්ද්‍රීය විමර්ශන පද්ධතියක් ස්ථාපිත කිරීම අපි ආරම්භ කරමින් සිටිමු.” එමෙන්ම ඔහු එහිදී වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියට ද මෙම අවස්ථාවේ ස්තූතිය පළ කළේය.

Social Sharing
අවකාශය නවතම පුවත්