[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් වූ NPP මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ අදහස් අධ්‍යනය කිරීමෙන් NPP ට ඇති සහයෝගය තවදුරටත් පවතින බවත්, එහෙත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කලකිරීමක් ද ඇති බවත්, වචනයට වඩා ක්‍රියාවට වැඩි ඉඩක් ලබා දෙන ලෙසත්, දූෂණයට එරෙහිව දැඩිව ක්‍රියා කරන ලෙසත්, ආර්ථිකය වැඩි දියුණු කරන ලෙසත් මහජනතාව ඉල්ලා සිටින බවත් අනාවරණය වේ. සමස්තයක් ලෙස ගත් කල, මෙම ලිපිය පෙන්නුම් කරන්නේ NPP සහ AKD හට තවමත් සැලකිය යුතු සහයෝගයක් ඇති නමුත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමට නම් ඔවුන්ට පැහැදිලි සහ මැනිය හැකි ප්‍රතිඵල පෙන්වීමට සිදුවන බවයි.]
“මාර්තු මාසයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ (AKD) අයවැය කථාව පිළිබද පළවූ අදහස් 2,000ක් අධ්‍යයනය කිරීමෙන් පසු,( https://www.linkedin.com/pulse/signs-honeymoon-ending-analysis-sentiments-against-hattotuwa-ph-d–uafgc/?trackingId=Ca54h1WdStW5c9RY6VlMbQ%3D%3D) මම නිරීක්ෂණය කළේ “රජය පොරොන්දු වූ දේ ඉටු කිරීමට ඇති නොහැකියාව පිළිබඳව වර්ධනය වන මහජන හැඟීමක් (කලල අවධියේ කලකිරීමක් දක්වා ඇති)” බවත්, “AKD සහ NPP සඳහා නොසැලෙන සහයෝගයක් පැවතිය ද, මහජන සංවාදය (Facebook හි අධ්‍යයනය කළ පරිදි) චිත්තවේගීය තහවුරු කිරීමේ සිට වඩාත් නිශ්චිත (විවේචනාත්මක පවා?) පාලනය, ප්‍රතිපත්ති සහ සැබෑ ප්‍රතිඵල ලබා දීම පිළිබඳ ඇගයීමක් දක්වා විකාශනය වී ඇති බව” සිය බ්ලොග් අඩවියට The end of the honeymoon: Sentiments on NPP, and AKD after the local government election ( https://sanjanah.wordpress.com/2025/05/08/the-end-of-the-honeymoon-sentiments-on-npp-and-akd-after-the-local-government-election/ ) නමින් විශ්ලේෂණාත්මක ලිපියක් ලියමින් ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දෙයි.
“පැවති පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් වූ අතර, AKD පුද්ගලිකවම, අගමැතිවරයා, සහ රජයේ ප්‍රමුඛ චරිත මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පවා, දැඩි ලෙස ප්‍රචාරක කටයුතුවල නිරත වූහ. මෙය රජය විසින්ම පළාත් පාලන මැතිවරණය සඳහා තැබූ වැදගත්කම සනාථ කරන අතර, එය ඔවුන්ගේ දේශපාලන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා උප-ජාතික(sub-national) සිට ජාතික මට්ටම්(national levels) දක්වා දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට ඔවුන්ගේ අඩිතාලම විය. මැතිවරණ ප්‍රතිඵල නිවේදනය කිරීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එරෙහිව ලියන ලද අදහස් අධ්‍යයනය කිරීම, මැතිවරණ ප්‍රතිඵල සන්දර්භය තුළ මෙම දේශපාලන අරමුණ වටා ඇති මහජන හැඟීම් පිළිබද අදහස් ගොනු කිරීමට හැකිවිය.” ඔහු තව දුරටත් පවසයි.
“…මාස හයකට පෙර පැවති මහා මැතිවරණයේ සිට NPP හි ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. 2024 නොවැම්බර් මාසයේ පැවති මහා මැතිවරණයේදී, ඡන්ද 11,148,006ක් භාවිතාකරන ලද අතර, එහිදි NPP ය විසින් එම ඡන්දවලින් 61.6%ක ප්‍රබල ප්‍රතිශතයක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, මෙම මැතිවරණයේදී, ඡන්ද 10,410,808ක් භාවිතා කරන ලද අතර, ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 43.3% (හෝ ඡන්ද 2,359,256ක වෙනසක්) දක්වා පහත වැටී ඇත. මෙය සැලකිය යුතු පහත වැටීමක් වන අතර, එය මැතිවරණ දෙක අතර ඡන්දදායකයින්ගේ මනාපය හෝ ඡන්දදායක ප්‍රවණතාවයන්හි සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරන බව ආචාර්ය සංජන හත්තොටුව සිය ලිපියෙන් පෙන්වා දෙයි.
එම The end of the honeymoon: Sentiments on NPP, and AKD after the local government election ලිපිය හී Notebooklm වෙතින් ලබාගත් සාරාංශගත Audio Overview (Sinhala) පහත දක්වමු.
උපුටා ගැනීම – www.vikalpa.org