ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ ‘Nowhere No Return’ කෘතිය ද තේරි පත්ව ඇත.
ග්‍රේෂන් සම්මානය හා සාහිත්‍ය පරිවර්තනය සඳහා වන ඒ.අයි. ගුණතිලක සම්මානය හිමිකරගන්නා ජයග්‍රාහකයන් නිවේදනය කිරීම සහ සම්මාන උළෙල එලඹෙන 31 වැනිදා පස්වරුවේ කොළඹ සිනමන් ලයිෆ් හීදි පැවැත් වීමට නියමිතය.
එමෙන්ම අවසන් වටයට තේරී පත් වූ අනෙක් කෘති වන්නේ උපාලි මහලියනගේ ‘He was God’s child too’ සචින් එදිරිසිංහගේ ‘kata Katha: Gossip, Rumours and idle talk’, විහඟ පෙරේරාගේ ‘The warm South’ හා ජනුදි ගුණවර්ධනගේ ‘Wombful of weeds’ යන කෘති 04 වේ.